AD HERE

දිස්ත්‍රික්ක 03කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

මේ දිනවල ඇද හැලෙමින් පවතින තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 03කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
ඒ කළුතර, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලටයි.
මේ හේතුවෙන් එම දිස්ත්‍රික්කවල ජනතාව මෙන්ම අවධානම් කලාපවල ජීවත්වන අනෙක් ජනතාවත් කාලගුණයේ වෙනස්වීම් සහ පරිසරයේ ඇති වන වෙනස්වීම් ගැන අවධානයෙන් සිටිය යුතු බවයි දැනුම් දෙන්නේ.