හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මීට ස්වල්ප මොහොතකට පෙර බැඳුම්කර කොමිසම වෙත පැමිණි බව අද දෙරණ වාර්තාකරු පවසයි.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් සාක්ෂි ලබා ගැනීමට පසුගිය 13 වන දින බැඳුම්කර කොමිසම තිරණය කළ අතර ඒ අනුව ඔහුට අද(19) දිනයේ කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරනු ලැබීය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සාක්ෂිය අත්‍යාවශ්‍ය සාක්ෂියක් වන හෙයින් ඔහුගෙන් සාක්ෂි ලබා ගත යුතු බව බැඳුම්කර කොමිසම තීරණය කරනු ලැබීය.
කෙසේ වෙතත් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙයි.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබා නොදීමට ගත් තීරණයත් සමඟ අර්ජුන් මහේන්ද්‍රන් මහතා සාක්ෂි ලබාදීම පිළිබඳව ද අවිනිශ්චිත තත්ත්වයක් මතුව තිබේ.