AD HERE

පිරිවෙන්වල ඉගෙනුම ලබන තිස්පන්දහසකට අධික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ඉගෙනුම් කටයුතු සංවර්ධනය වෙනුවෙන් දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය


පිරිවෙන්වල ඉගෙනුම ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේගේ ඉගෙනුම් කටයුතු සංවර්ධනය වෙනුවෙන් දීමනාවක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගිය දා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.

දිවයින පුරා පිහිටි පිරිවෙන් 754 ක (35,000) තිස්පන්දහසකට අධික ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ අධ්‍යාපනය ලබන අතර මේ මගින් ඒ සියලු දෙනාගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මුල්‍යමය උපකාරය ලබාදීමට අපේක්ෂිතයි. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ලබා දෙන මෙම දීමනාව 2017 අයවැය යෝජනාවක් අනුව සිදු කෙරෙන අතර ඒ සඳහා රුපියල් මිලියන 150 ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.