AD HERE

මඩකලපුව දිස්ත්‍රික්කයේ පාසිකුඩා හා වාලච්චේන ප‍්‍රදේශයන්ට උතුරින් කායන්කේනි වගුරුබිමේ පිහිටා ඇති ඉපැරණි ගල්පාලමක නටබුන් හමුවේ

යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගතවී තිබුණ ද, පසුගිය පාලන සමයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හරහා ඉටුවිය යුතු ව තිබූ බොහෝ කටයුතු පැහැර හැර තිබූ අතර  විශේෂයෙන් ම උතුරු නැගෙනහිර පුරා විද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම මෙන් ම පුරාවිද්‍යා රක්ෂිතයන්හි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සම්බන්ධව ද ගැටළු මතු වී තිබූණි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් සහ මග පෙන්වීම මත එම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා සිදු කරන ලද ප්‍රතිව්‍යුහගත කිරීම් මගින් මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දිවයින පුරා පිහිටි හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථානවල කැනීම් කටයුතු සහ සංරක්ෂණ කටයුතු විධිමත් පරිදි සිදු කරමින් පවතී.
ඒ අනුව 2012 වසරේ දී වාර්තාගත කරන ලද පොලොන්නරුව දෙසට වැටී ඇති පැරණි වෙළඳ මාර්ගයකට අයත්යැයි අනුමාන කරන ගල්පාලමක නෂ්ටාවශේෂ පිළිබඳව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් 2017 වසරේ දී නැවත ගවේෂණ කටයුතු ආරම්භ කරන ලදී. මෙම ගල් පාලම මඩකලපුව දිස්ති‍්‍රක්කයේ පාසිකුඩා හා වාලච්චේනි යන ප‍්‍රදේශයන්ට උතුරින් වූ කායන්කේනි වගුරුබිමේ පිහිටා ඇති අතර ගල්පාලම දිගින් මීටර් 240 ක් වන බවත් එය ශී‍්‍ර ලංකාවේ මෙතෙක් සොයාගෙන ඇති දිගම ගල්පාලම බවත් අනාවරණය වී ඇත.
ගල්පාලමේ දිශානතිය සහ අවට නටබුන් පරීක්ෂා කර බැලීමේ දී මෙම මාර්ගය කායන්කේනි වෙරළට යොමු වී තිබෙන බව දක්නට ලැබෙන අතර වෙරලාශි‍්‍රත ප‍්‍රදේශය ගවේෂණයේ දී මෙතෙක් වාර්තාගතව නොතිබූ බෞද්ධ ආරාම සංකීර්ණයක් පිළිබඳ නෂ්ටාවශේෂ ද හඳුනාගැනීමට හැකිව තිබේ. කුඩා ස්තූප කිහිපයක් සහිත මෙම නටබුන් ප‍්‍රදේශයෙහි ව්‍යාප්ත වීමේ රටාව පිළිබඳව දැනට අධ්‍යයනය කරමින් පවතී.
මෙම ගල්පාලම සහිත ඉපැරණි මාර්ගය කායන්කේනි වෙරළ අසලින් මුහුදට වැටෙන මාදුරුඔය, කායන්කේනි වගුරුබිම හා තේන්නදී බොක්ක ආශි‍්‍රත නිශ්චල මුහුදු කලාපය කරා යොමු වී තිබුණ බව අනාවරණය වන අතර මෙම මාර්ගය පිළිබඳ දැනට ලැබී ඇති සාධක අනුව කායන්කේනි යනු පැරණි වරායක් බවට විශ්වාස කළ හැකි බව ද පැවසේ.