AD HERE

පස් කණ්ඩියක් සමඟ ගලක් පෙරලීමෙන් වාහන ගමනාගමනය පැය කිහිපයක් සම්පූර්ණයෙන්ම ඇණහිටයි

අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර කලවාන ප‍්‍රධාන මාර්ගයේ කරවිට ආසන්නයේ දී අද (7)  පස් කණ්ඩියක් සමඟ ගලක් පෙරලීමෙන් වාහන ගමනාගමනය පැය කිහිපයක් සම්පූර්ණයෙන්ම ඇණහිට ඇති බව නිවිතිගල පොලිසිය පවසයි.
පැය කිහිපයකට පසුව කුඩා වාහනකයට යාහැකි ලෙස මාර්ග අවහිරතාව ඉවත් කළ ද එතැනින් බස්රථ හෝ වෙනත් වාහන වලට ගමන් කළ නොහැකි බව නිවිතිගල පොලිස් ස්ථානාධිපති චම්ලි පළිහේන මහතාගෙන් කීය.
විකල්ප මාර්ගයක් ලෙස කරවිට සිට හංගමුව හරහා මෙන්ම  පලාවෙල  හාරහා ද මාර්ග ඇතත් එම මාර්ග ද තැනින් තැන ජලයෙන් යටවීම නිසා මේ වනවිට රත්නපුර සිට කලවාන දක්වා වාහන ගමනාගමනය ඇණ හිට තිබේ.