AD HERE

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට  පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ දිනුක ක්‍රිෂාන් කුමාර් සිසුවා හිමිකර ගෙන තිබේ.
ගනේමුල්ල වැලිපිල්ලෑව කනිෂ්ඨ විද්‍යාලයේ ඉදුමිණි ජයරත්නට හා තුල්හිරිය කනිෂ්ඨ විද්‍යාලයේ සංජන නයනජිත්ට මෙවර ශිෂ්‍යත්ව විභාගයේ දෙවන ස්ථාන හිමිවිය.
තුන්වන ස්ථානය ලබාගෙන ඇත්තේ කඩවත කිරිල්ලවල ප්‍රාථමික විද්‍යාලයේ තරුල් සහස් ධර්මරත්න සිසුවායි.
මෙතැනින් ප්‍රතිඵල බලන්න