AD HERE

වෙළෙඳපොළේ විකිණීමට ඇති පරිභෝජනයට ගන්නා තෙල් වර්ගවලින් 90%ක්ම නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බව පාරිභෝගික කටයුතු අධිකාරිය කළ සමීක්ෂණයකින් හෙළිවී තිබේ.


එම අධිකාරිය සඳහන් කළේ, දිවයින පුරා ස්ථාන රැසකින් ලබා ගත් තෙල් සම්පල තම පරික්ෂණාගාරවලදි පරික්ෂණයට ලක් කළ බව ය.
එහිදී හෙළි වී ඇත්තේ අදාළ තෙල් නියමිත පිරිවිතරයන්ට නිෂ්පාදනය කර නොමැති බව ය.
සමීක්ෂණයේදී ෆාම්තෙල්, පොල් තෙල් සහ එළවළු තෙල් යන වර්ග තුනේම සාම්පල ලබා ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
මෙම තෙල් නිෂ්පාදනවලට වෙළෙඳුන් විසින් හා අතරමැදියන් විසින් විවිධ රසායනිකයන් කලවම් කර ඇති බව පරික්ෂණයේදී හෙළි වී තිබේ.
ඒ අනුව පරිභෝජනයට යොදා ගන්නා තෙල් හරහා කඩිනමින් ප්‍රමිතියක් සැකසීමට කටයුතු කරන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ ය.
කඩිනම් පියවරක් වශයෙන් වෙළෙඳපොළේ ඇති තෙල් නිෂ්පාදන ගබාඩා කරන බැරල්වල නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය මෙන් ම, නිෂ්පාදකයාගේ නම සඳහන් කිරීම අනිවාර්ය කරන බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ ය.