AD HERE

‘වියත් මග’ වැනි ලේ පිපාසිත ව්‍යාපාරයන්ගේ සැබෑ ස්වරූපයයි-ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීරගෙන් චෝදනා

සුදුවෑන් සංස්කෘතියේ ජාතික නිර්මාතෘ ගෝඨාභය රාජපක්ෂගේ මාරාන්තික භීෂණයේ අසීමාන්තික සිහිනය තවම නිමා වී නැති බවත් ඔහු වෙනුවෙන් අටවාගෙන ඇති ‘වියත් මග’ වැනි ලේ පිපාසිත ව්‍යාපාරයන්ගේ සැබෑ ස්වරූපය ඔහුගේ ගෝල බාලයන්ගේ ප්‍රකාශයන් හරහා පිළිබිඹු වන බවත් ජනමාධ්‍ය හා මුදල් අමාත්‍ය මංගල සමරවීර චෝදනා කර සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කොට ඇති අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති “වියත්මග” නම් උත්සව සභාවක දී හිටපු හමුදා නිලධාරියකු අලුත් ව්‍යවස්ථාවට සහයෝගය දක්වන සියලු දෙනා මරා දැමිය යුතු බවට කර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අදාළ නිවේදනය නිකුත් කොට ඇත.
ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යවරයාගෙ සම්පූර්ණ නිවේදනය,