AD HERE

ඉසුරු සහ ජනක ගේ සුක්කුරුත්තම් වැඩ..! කෝට්ටේ නව නිවාස සංකීර්ණයක් හදා අවුරුදු එක හමාරක් ගතවෙද්දී ගිලා බැහැලා

කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාගේ යෝජනාවක් පරිදි නව සැලසුමකට අනුව යැයි කියා ඉදිකර තිබෙන නිවාස 24 කින් සමන්විත කෝට්ටේ අංගම්පිටිය නව නිවාස සංකීර්ණය විවෘත කර අවුරුදු එකහමාරක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉරිතලා ගිලා බැසීමට පටන්ගෙන තිබේ.

මෙම නිවාස සංකීර්ණයේ ජීවත්වන නිවැසියන් සඳහන් කරන්නේ මේ හේතුවෙන් මෙම නිවාසවල විසීමේ ජීවිත අවදානමක් තිබෙන නිසා මේවායින් ඉවත්වන ලෙස බළධාරීන් තමන්ට දැනුම් දුන්නද තමන්ට යාමට තැනක් ලබා දී නොමැති බවයි.
කෝට්ටේ නගර සභාව විසින් මෙම නිවාස ඉදිකර තිබෙන්නේ නිසි ප්‍රමිතියෙන් නොවන බවටත් මෙම ව්‍යාපෘතිය තුළින් ජනතා මුදල් විශාල ප්‍රමාණයක් ගසා කා ඇති බවටත් නිවැසියෝ චෝදනා කරති.

මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 480 ක පමණ නොවටිනා තරම් මුදලක් වැයකර තිබෙන අතර මෙම කුඩා කුකුල් කූඩුවක් වැනි නිවසක වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් පමණ වේ.  
මෙම නිවාස සංකීර්ණය විවෘත කරන අවස්ථාවේ ඉදිකර තිබෙන ඵලකයේ සඳහන් වන්නේ මෙය කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක මහතාගේ යෝජනාවක් පරිදි නව සැලසුමකට අනුව ඉදිකර තිබෙන බවත් එය හිටපු නගරාධිපතිවරයාගේ ආරාධනයෙන් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා විසින් 2016 අප්‍රේල් මස 11 වනදා ජනතා අයිතියට පත්කළ බවයි.
මෙය 1997 දී හිටපු නගරාධිපති නීතිඥ චන්ද්‍රා සිල්වා විසින් හදා ජනතා අයිතියට පුදා වසර 12 ක් තිස්සේ නිරුපද්‍රිතව තිබූ නිවාස ප්‍රමාණයක් සහමුලින් කඩා ඉවත් කර ජනක සහ ඉසුර විසින් යලි හදන ලද්දකි.

වීඩියෝව පහතින් දැක්වෙන්නේ..