AD HERE

වකුගඩු රෝගය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සඳහා ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා ආයතනයේ විද්‍යාඥයින් 80 කට වැඩි පිරිසක් රජරට ඇතුළු වකුගඩු රෝගය පැතිර ඇති පළාත් වල සංචාරයක්

දිවයිනේ පළාත් ගණනාවක පැතිර යන හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ වැඩිදුර අධ්‍යයනයක් සඳහා විද්‍යාඥයින් 80 කට වැඩි පිරිසක් රජරට ඇතුළු වකුගඩු රෝගය පැතිර ඇති පළාත් වල සංචාරයක් සඳහා අද (3 වැනිදා) පිටත්ව ගියේය. ඒ සම්බන්ධයෙන් සහාය දැක්වීමට මෙරටට පැමිණි  ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා ආයතනයේ විද්‍යාඥයින්  පිරිසක්ද ඊට එක්වූහ. 
ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා වන ආහාරවල ඇති බැරලෝහ හා විස පිළිබඳ සොයා පරික්ෂණ පැවැත්වීමට ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා ආයතනයේ විද්‍යාඥයින්  පිරිසක් පැමිණ සිටිති.  ඕස්ට්‍රේලියානු න්‍යෂ්ටික විද්‍යා ආයතනයේ ඇති පර්යේෂණ පහසුකම් තුළින් ආහාර පිළිබඳ පර්යේෂණ කළ හැකි බව ඔවුහු පවසති.
එමෙන්ම වකුගඩු රෝගය පිළිබඳව පරික්ෂණ පවත්වන මෙරට විද්‍යාඥයින් සමඟ දින 100 කට වරක් ප‍්‍රගති සමාලෝචනයක් කිරීමට ද එම විද්‍යාඥ පිරිස එකඟතාව පළ කර ඇත.  ඉකුත් 31 වැනිදා මෙරටට පැමිණි එම විද්‍යාඥ පිරිස නොවැම්බර් 1 වැනිදා හා 2 වැනි දා කොළඹ පැවැති සමුළුවකට සහභාගි වූහ.