AD HERE

පලාත් පාලනය ඡන්දය පැවැත්වීම නියමිත ගැසට් පත්‍රය තවමත් මුද්‍රණය කොට අවසන් නෑ - රජයේ මුද්‍රාණාලාධිපති කියයි.

පලාත් පාලනය පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කිරීමට නියමිත ගැසට් පත්‍රය තවමත් මුද්‍රණය කොට අවසන් නැති බව රජයේ මුද්‍රාණාලාධිපති පවසයි.
මුද්‍රණය කරනු ලබන කොටස් වල සෝදුපත් කියවීම සදහා පලාත් පාලන අමාත්‍යාංශය වෙත යොමුකරන ලෙස අමාත්‍යවරයා කල ඉල්ලීමකට අනුව මුද්‍රණය කරනු ලබන සියළු පිටු කොටස් වශයෙන් අදාල අමාත්‍යාංශයට යොමු කලත් මේ වන තෙක් සෝදුපත් කියවා නැවත මුද්‍රණාලය වෙත ලැබී නැති බවද රජයේ මුද්‍රණාලාධිපති ගංගා ලියනගේ මහතා අනාවරණය කරයි.
පසුගිය පළමුවැනිදා පෙරවරු 11.30ට අමාත්‍යවරයා අස්සන් කල ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලය වෙත ලබාදි තිබුනේද දෙවන දින පස්වරු 2.30ටය. මෙම ගැසට් නිවේදනය කඩිනම් කරන ලෙස ඉල්ලා පසුගිය කැබිනට් හමුවකදී එජාපය හා අමාත්‍ය ෆයිසර් අතර ගැටුමක් පවා ඇතිවූ බව වාර්තාවේ.