AD HERE

මේ දිනවල පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ 6 යේ ජල මට්ටම සියයට 59.8 දක්වා අඩුවී ඇති බව විදුලිබල හා පුනර්ජනීනය බල ශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

මේ අනුව කාසල්රී ජලාශයේ ජල මට්ටම සියයට 58.06ක් බවත්, මාවුස්සාකැ‍ලේ ජලාශයේ ජල මට්ටම සියයට 62.9ක්, කොත්ම‍ලේ ජලාශයේ ජල මට්ටම සියයට 34.6, වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම සියයට 71.2ක්ද, රන්දෙණිගල ජලාශයේ ජල මට්ටම සියයට 48.6ක්ද සමනල වැව ජලාශයේ ජල මට්ටම සියයට 52.01 දක්වා අඩුවී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙන අතර දෛනික ජලවිදුලි අවශ්‍යතාවය ගිගාවොට් පැය 42ක් හා 43 වැනි ඉහළ අගයක් ගන්නා අතර එයින් සියයට 15-20ත් අතර ප්‍රමාණයක්  ජලවිදුලි බලාගාරවලින් ලබාදෙන බවත් ඊට අමතරව විදුලිය නිෂ්පාදනය සඳහා මේ දිනවල තාප බලාගාර භාවිත කරන බවත් ඒ මහතා පැවැසීය. 

එමෙන්ම පාරිභෝගිකයා විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවද සුලක්ෂණ ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.