AD HERE

ජාතික ආණ්ඩු ගිවිසුමක් පාර්ලිමේන්තුවට ලැබී නෑ.. කතානායක කියයි.. ඇමති මණ්ඩලය හා ගත් තීන්දු නීති විරෝධීයි…

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර වන ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සදහා අදාල ගිවිසුමක් තමන් වෙත ලැබී නැති බව කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් හෙට පාර්ලිමේන්තුමේදී විශේෂ ප‍්‍රකාශයක් කරන බවද කතානායකවරයා කීය.
ජාතික ආණ්ඩු ගිවිසුමක් නැතිනම් මෙතෙක් කල් පැවති ඇමති මණ්ඩලයේ වලංගුභාවය හා ඔවුන් විසින් ගත් තීරණවල වලංගුභාවය ගැනත් ගැටළුවක් මතුවන බව විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් පෙන්වා දුන්හ.