AD HERE

අග්‍රමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එක්ව ඉදිරි වසර කිහිපය තුළ රාජ්‍ය පාලනය සිදුකරගෙන යන බව ජොන් අමරතුංග අමාත්‍යවරයා පවසයි.

‍ආණ්ඩුව, පෙර පැවති ආකාරයෙන්ම එකට ඇලී ගැලී ඉදිරියට පවත්වාගෙන යන බව ජොන් අමරතුංග අමාත්‍යවරයා පවසයි.

ඔහු පවසන්නේ කඩිනමින් ජනතා අභිලාශයන් ඉටු කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි.

අග්‍රමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා එක්ව ඉදිරි වසර කිහිපය තුළ රාජ්‍ය පාලනය සිදුකරන බව ඔහු අවධාරණය කළේය.

මේ අතර කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා සඳහන් කළේ සදාචාර විරෝධී ලෙස වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන බවයි.