AD HERE

කොත්මලේ ජලාශයෙන් නියං කාලයේ මතුවන කඩදොර, පියබිමිබාරාමය, තිස්පනේ විහාරය, මොරපේ විහාරය, මැදගොඩ දේවාලය

මධ්‍යම කදුකරයේ මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමග එම ජලාශය ඉදිකිරිමේදි යටවු විහාරස්ථානවල නටඹුන් දැක ගැනිම සදහා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල සිට විශාල පිරිස් දින පතා කොත්මලේ කඩදොර ප‍්‍රදේශයට පැමිණෙනවා.
1979 වසරේ කොත්මලේ ජලාශය ඉදිකිරිමේදි එම ජලාශයට කඩදොර, පියබිමිබාරාමය, තිස්පනේ විහාරය, මොරපේ විහාරය, මැදගොඩ දේවාලය ඇතුලූ ආගමික ස්ථාන රැසක් ජලාශයට යටවිය.
මේ දිනවල ජලාශයේ ජල මටිටම අඩුවිමත් සමගම කොත්මලේ කඩදොර ප‍්‍රදේශයෙන් යටවු කඩදොර, පියබිමිබාරාම විහාරස්ථානය මතුවි ඇති අතර එහි මතුවි ඇති බුද්ධ ප‍්‍රතිමාවහන්සේට පුද පුජා පැවැත්විමට හා එය දැක බලා ගැනිමට විශාල පිරිසක් මේ දිනවල පැමිණෙමින් සිටියි.
මෙම ජලාශය ඉදිකිරිමේදි යටවු ආගමික හා පුජනීය ස්ථාන සිහිකිරිම පිණිස කොත්මලේ මහා සෑය ඉදිකර ඇත.
මේ අතර කොත්මලේ ජලාශ වෙල්ලේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොත්මලේ ජලාශ වෙල්ල හරහා වාහන ධාවනය කිරිම හා ජලාශ වේල්ල නැරඹිම ලබන 01 වන දින දක්වා තාවකාලිකව තහනමි කිරිමට මහවැලි සංවර්ධන අධිකාරිය පියවර ගෙන ඇත.
එම නඩත්තු කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බවයි එම ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ.