AD HERE

නොබෙල් ත්‍යාගය දෙවරක් දිනූ ලෝක ඉතිහාසයේ නොමැකෙන අද්වීතීය මතකයක් සනිටුහන් කළ විශිෂ්ට විද්‍යාඥවරියක් වන මාරි කියුරි

ලෝක ඉතිහාසයේ නොමැකෙන අද්වීතීය මතකයක් සනිටුහන් කළ විශිෂ්ට විද්‍යාඥවරියක් වන මාරි කියුරි
මරියා ස්ක්ලොඩොස්කා කියුරි හෙවත් මාරි කියුරි නොබෙල් ත්‍යාගය දෙවරක්  ගැනීම විතරක් නෙවෙයි, විද්‍යා ක්ෂේත්‍ර දෙකකින් නොබෙල් ත්‍යාග දෙක හිමි කරගත් ලොව ප්‍රථම කාන්තාව ලෙස ගෞරව ලබනවා. විකිරණශීලතාවය නැමැති ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරමින් නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගැනීමට ඇය  සමත් වුනා. එමෙන්ම පැරිස් විශ්ව විද්‍යාලයේ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය වුනේ ද ඇය යි.

කුඩා කල  


ක්ලෝඩ්විස්කි පවුල
1867 නොවැ. 07 වැනිදා උපත ලබා පෝලන්තයේ වෝර්සෝ නුවර හැදී වැඩුණු මාරි පසු කාලයක දී ප්‍රංශ පුරවැසිභාවය ලබා ගත්තා. මාරි කියුරි කථිකාචාර්ය විලද්සිලෝව් ක්ලෝඩ්විස්කි ගේ බාලම දියණිය ‍යි. අවුරුදු 9 දී ඇයගේ මව ක්‍ෂය රෝගයෙන් මිය ගිය අතර වැඩිමහල් සොයුරිය ද වයස අවුරුදු 15 දී මිය ගොස් තිබෙනවා. කුඩා කාලයේ නගරයේ පාසලකින් මෙන්ම පියාගෙන් ද අධ්‍යාපනය ලැබූ ඇය වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ ඉමහත් ආශාවකින් පසු වුනා. පෝලන්තයේ දී වැඩිදුර අධ්‍යාපනය ලැබීමට තිබුණු බාධක නිසා වෙනත් යුරෝපීය රටකට ගොස් වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගන්න ඇය තීරණය කළා.

අධ්‍යාපන ජයග්‍රහණ

ප්‍රංශයට පැමිණ වසර දෙකකට පසුව, 1893 දී, අතිදක්ෂ එහෙත් අතේ සතයකුදු නොතිබි මාරි ස්කොලොඩොව්ස්කා (ඇයගේ විවාහයට පෙර නම) පැරිසියේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් ඇයගේ ප්‍රථම දර්ශනපති පශ්චාත් උපාධි දෙක ලබාගන්නට සමත් වුනා. උපාධිවලින් එකක් භෞතික විද්‍යාවටත් අනෙක වසරකට පසුව ගණිතයටත් ය. ඊළඟ වසර 40 තුළ දී ඇය සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාවට PhD උපාධියක් සහ අත්ලාන්තික් සාගරයේ දෙපැත්තේම වූ රටවල් ගණනාවක ඉහළ පෙළේ අධ්‍යාපන ආයතනවලින් ගෞරව ආචාර්ය උපාධි 20 ගණනකට ආසන්න සංඛ්‍යාවකින් පිදුම් ලබන්නට සමත් වී තිබෙන බව අගේ ජීවිත කතාවේ සඳහන් වෙනවා.
“සියල්ලටම ඉහළින් අපට දැඩි උත්සාහයක් තිබිය යුතුයි, අප ගැන විශ්වාසයක් තිබිය යුතුයි. යමක් වෙනුවෙන් අපට හැකියාවක් ප්‍රදානය වී ඇතැයි අපි විශ්වාස කළ යුතුයි. එහි, මිල කුමක් වුවත්, සාක්ෂාත් කරගත යුතුයි.”
මාරි කියුරිගේ වදන් අගේ තිර අධිෂ්ඨනය කොතෙක් ද යන්න පෙන්නුම් කර තිබෙනවා.

පියෙර් හා මාරි
ඇයට පියෙර් කියුරි නමින් වූ තවත් තරුණ විද්‍යාඥයෙක් මුණ ගැසුනේ ඒ 1894 වසරේ දී ම ය. ඉතා ඉක්මනින් ඔවුන් විවාහ වූවා. ඇයට විවාහ මංගල්‍යය සඳහා ගවුමක් තෑගි කරන්නට මිත්‍රයෙක් ඉදිරිපත් වුන අවස්තාවකදී, ඇය කියා ඇත්තේ, ” හැමදාම අදින ගවුම ඇරෙන්න මට වෙන ගවුමක් නැහැ. මට ගවුමක් දෙන්න තරම් ඔබ කාරුණික වෙනවා නම්, කරුණාකරල තද පාටින් යුතු සරල එකක් දෙන්න. එතකොට පසුව මට ඒක ඇඳගෙන විද්‍යාගාරයට යන්න පුළුවන්.” කියායි.
ඇය ඉල්ලන ලද තද නිල් පැහැති ගවුම ඉන් පසුව වසර ගණනාවක් යනතුරු විද්‍යාගාරයේ වැඩ කටයුතුවල දී හැඳගෙන සිටි බව කියැ වේ.

විද්‍යාත්මක සොයා ගැනීම්


 පියෙර් කියුරි හා මාරි විද්‍යාත්මක පර්යේෂණවල නයැලෙමින්
මාරි හා අගේ සැමියා වන පියෙරේ දෙදෙනා නිවසේ ම සාදා ගත් රසායනාගාරයක විද්‍යා පර්යේෂණ සිදු කරන්න පටන් ගත් අතර එහිදී ඔවුන් දෙදෙනාට ‘රේඩියම්’ නමැති අලුත් ද්‍රව්‍යයක් මෙන්ම පොලෝනියම් නමැති රසායනික ද්‍රව්‍යයකුත් සොයා ගන්න පුළුවන් වුනා.1903 දී 1911 දීත් දෙදෙනාම දෙවරක් නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීම විශිෂ්‍ටම  දෙයක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.
දුර්ලභ යුරේනියම් වලින් පිටවෙන බලයක් ඇතිබව ඒ කාලයේ දී නව සොයාගැනීමක් බවට පත් වුනා. ඒ පිළිබඳව සිත් ඇදී යන ඇය මේ “දීප්තිය” ගෙනෙන ප්‍රභවය ගැන තවදුරටත් හදාරන්නට තීරණය කළා. අන්තිමේ දී ඒ සඳහා ඇය ‘රේඩියෝ ඇක්ටිවිටි’ -විකිරණශ්‍රීලතාව යන පදය නිර්මාණය කළා.
මේ කිරණ වල ස්වභාවය කුමක් ද? එය කුමක් සඳහා යොදා ගන්නවා ද? යන ප්‍රශ්නවලට ඔවුන් දෙදෙනාම පිළිතුරු සොයන්න පටන් ගත්තා. පියෙර් සිය වැඩ කටයුතු පැත්තකට තමා මාරිගේ මූලික සොයා ගැනීම්වලට සහාය දෙන්නට පටන් ගත් බව චරිතපදානය ලියන ලද රොබට් විලියම් රීඩ් සටහන් තබා තිබෙනවා. කළ යුතු දේ කුමක්දැයි තීරණය කරන ලද්දේ ඇයයි.
කියුරිලා දෙදෙනා සිය පර්යේෂණයන්හි නියැළෙන ලද “විද්‍යාගාරය” මඩුවක් වැනි විය. එය වෛද්‍ය විද්‍යාලයේ මිනී කපන කාමරය ලෙස භාවිත වූවකි. වැස්ස ඇදහැලෙද්දී එයට වතුර කාන්දු විය. තනි දොරෙන් හමා එන සුළඟ හැරෙන්නට වෙනත් වායු සැරිසරණයට තැනක් එහි නොවී ය. ඒත් එහි සිටියේ මාරි ඇයගේ සහායට වූ පියෙරේ පමණයි.

කියුරි යුවල හා වැඩිමහල් දියණිය
භෞතික විද්‍යාවේ උන්නතිය සඳහා රේඩියම් සහ පොලොනියම් මූලධාතු සොයාගැනීමත්, රේඩියම් වියෝජක කිරීමට සමත් වීම සඳහා, මේ සුවිශේෂී මූල ධාතුවේ ස්වභාවය සහ සම්මිශ්‍රණය අධ්‍යයනට සමත්වීම යන කාරනාවලට මාරි නොබෙල් ත්‍යාගය ලැබුනු වතර එම සොයා ගැනීම් විද්‍යාවේ ඉදිරි දියුණුවට මහත් රුකුළක් වුනා.
දෙවැනි ලෝක යුද්ධයේ දී තුවාල ලත් සොල්දාදුවන් මිලියනයකට වඩා සංඛ්‍යාවක් ඇය විසින් ප්‍රවර්ධනය කරන ලද එක්ස්-රේ උපකරණ වලින් ප්‍රතිකාර ලබා තියෙනවා.

කියුරි යුවලගේ වේදනාත්මක සමු ගැනීම

අශ්ව කරත්තයකින් ගමන්ගත් පියෙර් අනතුරකට ලක් වූයේ 1906 දී ය. කුඩා දරුවන් දෙදෙනෙකුත් සමඟ මාරි තනි වූවාය. පැරිස් විශ්ව විද්‍යාලය පියෙර්ට කථිකාචාර්ය පදවියක් පිරිනමන්නට සූදානම් වී සිටිය දී එම අනතුර සිදු වුනා. පසුව ඔවුන් එම තනතුර මාරිට පිරිනැමුවා. සිය සැමියාගේ නමට ගෞරවයක් පිණිස තනතුර භාවිතා කරන්නට ඇය අධිෂ්ඨාන කළා.
තවත් වසර 28 ක් ජීවත් වී 1934 වර්ෂයේ ජූලි මස 4 වන දින අවුරුදු 66 දී මාරි ජීවිතයෙන් සමු ගත්තාය. මරණයට හේතුව ඇය විසින්ම සොයාගත් විකිරණශීලිත්වයට මුහුණ දී තිබීමෙන් හටගත් රෝගී තත්වයකි.

කියුරි පවුලේ සාමාජිකයින් ලබාගෙන ඇති ලෝක මට්ටමේ ජයග්‍රහණ.


 කියුරි පවුලේ සාමාජිකයින්
ලොව විශාලතම නොබෙල් පවුල ලෙස සැලකෙන්නේ කියුරි පවුලයි.
  1. මාරි කියුරි – නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
  2. පියරේ කියුරි (මාරි කියුරිගේ ස්වාමි පුරුෂයා) – නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව 1903
  3. මාරි කියුරි – නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1911
  4. අයිරින් කියුරි (මාරි සහ පියරේගේ දියණිය.) – නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
  5. ජීන් ෆෙඩ්‍රික් ජුලියට් කියුරි (අයිරින් කියුරිගේ ස්වාමි පුරුෂයා) – නොබෙල් ත්‍යාගය-රසායන විද්‍යාව 1935
  6. හෙන්රි රිචර්ඩ්සන් ලැබියුෂෙ (මාරි සහ පියරේගේ බෑණා, ඊව් කියුරිගේ ස්වාමි පුරුෂයා) – නොබෙල් සාම ත්‍යාගය 1965
  7. හෙලේනා ලැන්ග්විට් ජුලියට් (අයිරින් කියුරිගේ දියණිය.) නොබෙල් ත්‍යාගය-භෞතික විද්‍යාව  (නිර්දේශිත.)
මුලාශ්‍ර
https://www.nobelprize.org