AD HERE

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සැළැස්ම අනුව ගෝඨාභය රාජපක්ෂ අගමැති කරලා ඔහුට ජනාධිපති වෙන්න.-පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක

අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංගයට සහයෝගය ලබා දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක පවසා සිටිනවා.
ලන්ඩන් නුවර බීබීසි සිංහල සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වෙමින් මන්ත්‍රිවරයා මේ බව සඳහන් කර සිටියා.
“රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය තමන්ගේ සතුරු පක්ෂය පරාජය කරන්න දෙකට බෙදා ගැනීමේ අවශ්‍යතාවයට රාජපක්ෂ පවුලට සම්බන්ධ නඩු කටයුතු සීමා කළා. මෛත්‍රීපාල සිරිසේන එක්ක ඉන්න රාජපක්ෂ ආණ්ඩුව කාලයේ දූෂණ ඇමතිවරුන්ගේ නඩු සaජුවම ජනාධිපතිවරයා මැදිහත් වීමෙන් වැළැක්වීමට කටයුතු කළා කියලා පැහැදිළියි. ඒක ජනාධිපතිවරයා ලගට යද්දි ජනාධිපතිවරයා පොරොන්දු කඩලා තමයි එතනට යන්නේ. ඔහුට අවශ්‍ය වුණා මහින්ද රාජපක්ෂ හැර රාජපක්ෂ පවුලේ ප්‍රභලයෙන් ඉන්නවා නම් ඔහුගේ සහය ලබා ගෙන මහින්ද රාජපක්ෂ සමග තිබුණ ඡන්දත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයි එකතු කිරීමේ කටයුතු කරන්න. කෙලින්ම කිව්වොත් ගෝඨාභය රාජපක්ෂ මහතා හවුල් කරගත්ත ජනාධිපතිවරණ සැළැස්මක් ජනාධිපතිවරයාගේ පැත්තෙන් තිබුණා කියලා අපිට පැහැදිළි තර්කයක් තියනවා. මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සැළැස්ම අනුව ගෝඨාභය රාජපක්ෂ අගමැති කරලා  ඔහුට ජනාධිපති වෙන්න.”
එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විපක්ෂව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් ඔබ ඒකට සහය දෙනවා ද?
“අනිවාර්යයෙන් ම ඔව්.”
ඒ කියන්නේ ආණ්ඩුව පරදිනවා නේ. ඊට පස්සේ ඔබේ විසදුම මොකද්ද?
“අපි කාටවත් සහයෝගය දෙන්නේ නෑ. ඊට පස්සේ මොකද වෙන්නේ. ඊට පස්සේ වෙන ආණ්ඩුවක් හදන්නේ කවුද කියන එක වෙන අයගේ ප්‍රශ්නයක්. ප්‍රාදේශිය සභාවලත් ඒකනේ ප්‍රශ්නේ ප්‍රාදේශිය සභා විශාල ප්‍රමාණයක් තියනවා. අපේ මැදිහත් වීමක් තියනවා නම් අපිට තීරණය කරන්න පුළුවන් කවුද එන්නේ කියලා. අපි දන්නවා එක්සත් ජාතික පක්ෂයේ අයත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අයත් දෙපැත්තම එන්නේ හොරකම් කරන්න ජනතා සේවයට නෙමෙයි. ඒනිසා අපි ස්වාධීන විපක්ෂයක් හැටියට රැදි සිටිනවා.”