AD HERE

පසුගිය වසරේ (2017) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700ක ආදායමක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින්ට ඔන්ලයින් ගුවන්තොටුපළේදීම වීසා නිකුත් කිරීමෙන් පසුගිය වසරේ (2017) ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 700ක ආදායමක් ලැබී ඇත.
මීට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් ඔවුන්ගේ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල වෙත අයදුම් පත් ඉදිරිපත් කොට වීසා ලබාගත යුතුව තිබුණි. එහෙත් ඔන්ලයින් වීසා ක්‍රමය මඟින් ප්‍රමාදයෙන් තොරව කඩිනමින් වීසා ලබා ගත හැකි වීම නිසා විදේශ සංචාරකියින් අතර එය බෙහෙවින් ජනප්‍රිය වී ඇතැයි ආගමන හා විගමන පාලක ජනරාල් එම්.එන්.රණසිංහ මහතා රජයේ නිල පුවත්වෙ බ් අඩවියට පැවසීය.
උතුරු කොරියාව සිරියාව වැනි රටවල් කිහිපයකට හැර ලොව අන් සෑම රටකින්ම පැමිණෙන විදේශිකයින්ට ගුවන්තොටුපළේදීම ඔන්ලයින් වීසා ලබා ගත හැක. ඔන්ලයින් වීසා නිකුත් කිරීම අප්‍රේල් මස 1දා සිට වඩා්ත කාර්යක්ෂම කිරීම සඳහා එහි පරිගණක පද්ධතිය මේ දිනවල නවීකරණය කරගෙන යන බවද ආගමන හා විගමන පාලක ජනරාල් වරයා වැඩිදුරටත් පැවසීය.