AD HERE

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30කින් ඉහල නැංවීමට අවසර

දේශීයව නිෂ්පාදනය කරන සිමෙන්ති වර්ග දෙකක මිල ඉහල නැංවීමට පාරිභෝගික සේවා අධිකාරිය අවසර ලබාදී තිබෙනවා.
පසුගිය බදාදා සිට ක්‍රියාත්මක වන පරිදි දේශීයව නිෂ්පාදනය කරන කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 30කින් ඉහල නැංවීමට අවසර ලබාදුන් බවයි පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 930ක්ව පැවති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 960ක්.
සිමෙන්ති නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් දේශිය සමාගම් විසින් මිල ඉහළ දැමීමක් මීට පෙර ඉල්ලා තිබුණා.