නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (6 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගයේදී කඩුලු 5 ක ජයක් අත්කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ඕවර 20 ක් අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 174 ක් ලබගත් අතර ශ්‍රී ලංකා පිල පන්දු 9 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ලකුණු 175 ක් ලබාගත්තේය.