AD HERE

සියලුම සෞඛ්‍ය සේවාවන් වැට්බදු වලින් නිදහස් කිරිමට ඉදිරියේදී පියවර

සියලුම සෞඛ්‍ය සේවාවන් වැට්බදු වලින් නිදහස් කිරිමට ඉදිරියේදී පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
පෞද්ගලික රෝහල්වල සේවා ලබාදීමේ දී රෝගීන්ගේ බිල්පතට වැට්බදු එකතු කිරීම නිසා රෝගීන් දැඩි ලෙස පීඩාවට පත්වන බවද සේනාරත්න මහතා කීය.
සෞඛ්‍ය සේවාව ව්‍යාපාරයක් නොවන අතර එය සේවාවක් වන බවද රෝගීන් පීඩාවට පත්වන තීන්දු තීරණ පිළිබඳව යළි සළකා බැලිය යුතු බවද ඇමැතිවරයා කීය.
සෞඛ්‍ය සේවාවන් වැට් බදු වලින් නිදහස් කීරිම සඳහා වන යෝජනා ඇතුළත් සංදේශයක් ඉතා ඉක්මණින් කැබිනට් මණෟඩලයට ඉදිරිපත් කරන බවද රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය