AD HERE

හෙට සිට බොරැල්ල දෙසට අමතර මංතීරුවක්

රාජගිරිය ගුවන් පාලම යට සේවා මාර්ග වලට සමගාමීව අතුරු මාර්ග වළ සිදුවන ඉදිකිරීම් කටයුතු හේතුවෙන් හෙට (08)  සිට උදෑසන කාලයේදී බොරැල්ල දෙසට අමතර මංතීරුවක් ක්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන අධිකාරීය පවසයි.

හෙට සිට සෑම කාර්යාල දිනයන්හීදී උදෑසන 6.30 සිට උදෑසන 9.00 දක්වා මෙම අමතර මංතීරුව ක්‍රියාත්මක වන බව මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ඉංජිනේරු හිමන්ත ජයලත් මහතා සඳහන් කර තිබේ.