AD HERE

මන්නාරමේ පාද යාත්‍රාව කල්යයි

මන්නාරම රදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මන්නාරමේ සිට වවුනියාව දක්වා සංවිධානය කොට තිබූ පාද යාත්‍රාව රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම නිසා අවලංගු කළ බව මන්නාරම රදගුරු කාර්යාලය නිවේදනය කරයි.

එම පාද යාත්‍රාව මාර්තු මස 07 වෙනිදා පෙරවරු 10.00 මන්නාරමෙන් ආරම්භ වී මාර්තු මස 9 වෙනිදා වවුනියාවේ ගෝමසරන්කුලම් කල්වාරී දේවස්ථානයෙන් අවසන් වීමට නියමිතව තිබුණි.

රටතුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට තිබියදී එවැනි පාද යාත්‍රාවක් පැවැත්වීම සිදු කළ යුතු ක්‍රියාවක් නොවන නිසා එම පාද යාත්‍රාව මාර්තු මස 16 වෙනිදා දක්වා කල් තැබූ බව මන්නාරම රදගුරු කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය