AD HERE

ෆේස්බුක් තහනම නොතකා ජනපති - අගමැති - මැති ඇමතිවරුන් ෆේස්බුක් භාවිත කරලා

ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය වෙත පිවිසීම අදත් බොහෝ දුරට අවහිර වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ප්‍රකාශ කර තිබේ.
මහනුවර දිස්ත්‍රික්කයේ පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් තවදුරටත් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බව එම කොමිෂන් සභාව පැවසී ය.
ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ භාවිත වන ෆේස්බුක්, වයිබර්, ඉමෝ සහ වට්ස්ඇප් වැනි සමාජ මාධ්‍ය වෙත පිවිසීම තවදුරටත් අවහිර වනු ඇත.
මේ අතර, රජය විසින් අවහිර කලද විකල්ප ක්‍රමවේදයන් භාවිතා කරමින් ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍යවලට සුපුරුදු පරිදි පිවිසීමට ජනතාව කටයුතු කර ඇති අයුරු ඉතා පැහැදිලිව දැකිය හැකිය.
නමුත් එවැනි පුද්ගලයන් සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව ද වාර්තාවේ.
කෙසේ වෙතත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා, ඩිජිටල් යටිතල පහසුකම් ඇමති හරීන් ප්‍රනාන්දු මහතා ඇතුළු රජයේ බොහෝ මැති ඇමතිවරුන් මෙම කාලය තුල සුපුරුදු පරිදි සිය ක‍්‍රියාකාරකම් ෆේස්බුක් ඇතුළු සිය නිල සමාජ ජාල පිටුවල පල කරමින් සිටී.
සාමාන්‍ය ජනතාවට ෆේස්බුක් සහ අනෙකුත් සමාජ මාධ්‍යවලට පිවිසීම අවහිර කර තිබියදී රජයේ ප්‍රධානීන් එම තහනම උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය භාවිතා කර ඇති බව පෙනී යයි.
කෙසේ වුවද, ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා ශ‍්‍රී ලංකාව තුල අවහිර කර තුන් දිනක් පමණ වෙයි. මෙම අවහිර කිරීම ඉවත් කරනු ලබන්නේ කවදාද යන්න රජය මෙතෙක් නිවේදනය කර නොමැත.
ෆේස්බුක් ඇතුළු සමාජ ජාලා සඳහා ශ්‍රීලංකාව තුළ රජය විසින් අවහිර කළ ප්‍රථම අවස්ථාව මෙයයි.