AD HERE

සිරිසේන ජනපති අමාත්‍ය මණ්ඩලය සතු බලය උදුරා ගනී



ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයින් මගින් ඊනියා අගමැති මහින්ද රාජපක්ෂට වහාම ඉල්ලා අස්වන ලෙස දන්වා ජනපති සිරිසේන අද උදෑසන පණිවුඩයක් යවන ලදි. එම  පණිවුඩය තුට්ටුවකට ගණන් නොගත්  රාජපක්ෂ වියරු වැටි ඇත.
ජනපතිට කළ හැකි වෙනත් කිසිවක් නොමැති තැන මේ වන විට, රාජ්‍ය සංස්ථා, දෙපර්තමේන්තු හා මණ්ඩල සඳහා ප්‍රධානීන් පත් කිරිම සඳහා අමාත්‍යවරුන්ට  ඇති බලතල වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කර ඇත.
ජනපති ගත් මේ තීරණය නිසා අමත්‍ය මණ්ඩලය ද ජනපති සමග උරණ වී ඇති බව වාර්තාවේ. විශේෂයෙන් මහින්ද පාර්ශවයේ අමාත්‍යවරුන් මේ තත්ත්වය හමුවේ දැඩි අපහසුතාවයට පත්ව ඇත.

පාර්ලිමේන්තුව සතු බලය අනීතිකව අතට ගත් ජනපති සිරිසේන අමාත්‍ය මණ්ඩලය සතු බලය ද උදුරා ගැනීම හරහා දරුණු ඒකාධිපතියකු බවට පත්වෙමින් සිටින බව ශ්‍රීලනිප අමාත්‍යවරුන්ම ප්‍රකාශ කරමින් සිටින බව වාර්තාවේ.