AD HERE

දේශාපාලන ව්‍යාකූලත්වය නිසා. 2019 වසරට පෙළපොත් වත් තවම නෑ

2018 වසරේ තෙවන පාසල්වාරය නොවැම්බර් 30 වැනිදා අවසන් වීමට නියමිත අතර පෙළපොත් බෙදාහැරීම  ඒ වන විට අවසන් විය යුතුය. එහෙත් අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව සිය වගකීම ඉටුකර එම කටයුත්ත අවසන් කර නැත.
 2019 වසරට අදාළව පෙළපොත් 39,714,000 ක් මුද්‍රණය කර ඇති අතර, එම පෙළපොත් බෙදාදීම අවසන් කිරීමට කටයුතු කර නැත. අධ්‍යාපන ග‍්‍රන්ථ ප‍්‍රකාශන දෙපාර්තමේන්තුව 2018 වසරේ අවශ්‍ය පෙළපොත් ප‍්‍රමාණයට වඩා අඩුවෙන් එනම් පෙළපොත් 27,598,600 ක් මුද්‍රණය කිරීම තුළ රටපුරා පෙළපොත් හිඟයක් ද ඇති වී තිබුණි. ඒ අනුව දෙමව්පියන්ට ග‍්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ අලෙවිසල්වල පෝලිම්වල සිටිමින් පෙළපොත් මිලදී ගැනීමට සිදුවිය. ඒ සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට එරෙහිව කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නොතිබිණි. එම ආයතනයම තෙවන පාසල් වාරය 2018 නොවැම්බර් 30 අවසන්වීමට තිබියදී 2019 වසරට අදාළ පෙළපොත් බෙදා නොහැරීම සම්බන්ධයෙන් වහාම පියවර ගැනීම අධ්‍යාපන ලේකම්වරයාගේ වගකීමකි.
මේ වන විට රට තුළ ඇති දේශාපාලන ව්‍යාකූලත්වය තුළ තීන්දු තීරණ විධිමත්ව නොගැනීමෙන් මෙම තත්වය මතු වී ඇත. ජාතික විභාග පැවැත්වීම, පෙළපොත් හා නිල ඇඳුම් බෙදාදීම වැනි අධ්‍යාපන පද්ධතියේ අත්‍යාවශයෙන්ම නියමිත කාලවල සිදුවිය යුතු කි‍්‍රයාකාරකම් වේ. එම නිසා පවතින දේශපාලන ව්‍යාකුලතාවය තුළ මෙම කටයුතුවලට බාධාවීම බරපතල ගැටලූවකි.