AD HERE

කතානායකවරයාගේ අවසන් ජනපති හමුව අද හවස


උද්ගතවී ඇති දේශපාලන තත්ත්වය පිළිබඳව ජනපති සිරිසේන හා කථානායකතුමා අතර විශේෂ හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට තීරණය කර ඇත. පසුගිය සතියේ කතානායකතුමා ජනපති කැඳවා තිබූ සාකච්ඡාව ප්‍රතික්ෂේප කරන ලද පසුබිමක අද දින සහභාගීවීම තීරණාත්මක බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

ජනපති සිරිසේනට මේ වන විට කළ හැකි වෙනත් කිසිවක් නොමැති තැන කතානායකතුමා කැඳවා සාකච්ඡා කර තීරණයක් ගැනීමට බොහෝදුරට ඉඩ ඇත.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකුද මේ සාකච්ඡාවට සහභාගිවීමට නියමිතය.

කිසියම් හෙයකින් ජනපතිවරයා අද දිනයේ දී කතානායකවරයාට දෙනු ලබන පොරොන්දුව කඩකළ හොත් යළි කෙදිනකවත් කතානායකවරයා ජනපති හමුවිමට නොයනු ඇති බව ද වාර්තාවේ.