AD HERE

මධ්‍යස්ථාන 4,661කදී, අ.පො.ස සා/පෙළ විභාගය දෙසැම්බර් මස 03වන දා

2018 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 03වන දා සිට දෙසැම්බර් මස 12වනදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිතගේ අත්සනින් නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ මධ්‍යස්ථාන 4,661කදී  මෙවර විභාගය පැවැත්වෙන බවයි.
අයදුම්කරුවන් හය ලක්ෂ පනස් හය දහස් හයසිය හතලිස් එකක් මෙවර විභාගය සඳහා පෙනී සිටීමට නියමිතයි. ඒ අතර පාසල් අයදුම්කරුවන් හාර ලක්ෂ විසි දෙදහස් අටසිය පනහක් වනවා. පෞද්ගලික අයදුම්කරුවන් දෙලක්ෂ තිස් තුන් දහස් හත්සිය අනූ එකක් ද මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ. 
පාසල් අයදුම්කරුවන්ගේ ප‍්‍රවේශ පත‍්‍ර හා කාලසටහන් අදාළ විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප‍්‍රවේශ පත‍්‍ර තම අයදුම්පතේ සඳහන් කර ඇති ලිපිනයට යොමු කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළා.