AD HERE

සිරිසේනට පිස්සු වැටි රාජ්‍ය නිලධාරීන්ට වැරදි තීරණ ගැනීමට බල කරමින් තම හිතවතුන් රාජ්‍ය ආයතනවලට පත් කරයි



ජනපති සිරිසේනට පිස්සුව තදවී රාජ්‍ය නිලධාරින්ට වැරදි තීන්දු තීරණ ගැනිමට බල කරන බව ගොසිප් වෙත වාර්තාවේ. ඊනියා රජයේ අමාත්‍යවරුන්ගේ බලතල ද ක්‍රමයෙන් කප්පාදු කරමින් සෘජුවම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා මණ්ඩලයන්හි පාලනයට ජනපති මැදිහත්වීම තුළ එම ආයතන ද දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ආරංචිවේ.

අමාත්‍යවරුන්ට සිය අමාත්‍යාංශය සතු ආයතන සඳහා සභාපතිවරුන්, අධ්‍යක්ෂවරුන් පත් කිරිමට තිබූ අයිතියද උදුරාගත් සිරිසේන ජනපති තමාට හිතවත් අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් රූකඩ සභාපතිවරුන් ලෙස පත් කරමින් සිටින බව අද උදෑසනම තවදුරටත් අපට වාර්තා විය.

ඒ අනුව, ශ්‍රී ලංකා පරිපානල සේවයේ සිටින අකාර්යක්ෂම පරිපාලන නිලධාරියකු වන ජනපති සෞඛ්‍ය ඇමති සමයේ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළ කේ.ඒ.එස් කීරගල නැමැත්තා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ලෙස අද (29 දින) පත්කර ඇත.

කිසිදු නිර්මාණශීලි හෝ කළමනාකරණ හැකියාවක් නොමැති කීරගල මහතා  රක්ෂණ සංස්ථාවට පත් කිරීම පිළිබඳව එම ආයතනය සිටින අති දක්ෂ පළපුරුදු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අධෛර්යමත් කරවන ක්‍රියාවක් බව ද රක්ෂණ සංස්ථා වෘත්තීය සමිති පෙන්වා දෙයි.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ සියළුම රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ රට වෙනුවෙන් නිවැරදි තීන්දු පමණක් ගන්නා ලෙසය.