AD HERE

අමාත්‍යවරු අසරණයි - පාර්ලිමේන්තුව ජනතාවගේ මුදල් සුරැකීමට පියවර ගනියි.

ඊයේ (29 දින) ඊනියා අග්‍රාමාත්‍ය ලේකම්ගේ මූල්‍ය බලතල කපා හැරිමත් සමග අග්‍රාමාත්‍ය කාර්යාලය දැඩි අර්බුදයකට පත් වී ඇත. එවැනි පසුබිමක අද දිනයේ මහින්ද ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ මුදල් කපා හැරිම සම්බන්ධ යෝජනාව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ගෙන එන ලද අතර, එය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ස්ථිර කරන ලදී.

ඒ අනුව, වැඩි ඡන්ද 122කින් අමාත්‍යවරුන්ගේ මුදල් කපා හැරිමේ පනත සම්මත විය. ඒ බව මීට ස්වල්ප වේලාවකට පෙර ගරු කතානායකවරයා අනුමත කළේය. එම බහුතර ඡන්ද ප්‍රමාණය හුදෙක් මුදල් කපා හැරිම හරහා ආණ්ඩුවට එරෙහිව නැවතත් බහුතරය පෙනවිමක් බව පාඨලි චම්පික රණවක මහතා ප්‍රකාශ කරන ලදී.

දෙසැම්බර් මස 05 වෙනිදා ප.ව. 2.30 පාර්ලිමේන්තුව නැවත රැස්වේ.