යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයෙන් නම් කර ඇති නියෝජිතයන්ගේ ලේඛණය සභා නායක කාර්යාලය විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත යොමු කර ඇත.
ඊට ඇතුළත් සාමාජිකයන් සංඛාව 7 ක්.
අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන,අමාත්‍ය එස් බී දිසානායක, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය මහින්ද සමරසිංහ, අමාත්‍ය විමල් වීරවංශ, තිලංග සුමතිපාල සහඅමාත්ය උදය ගම්මන්පිල යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වේ.
මෙම තේරීම් කාරක සභාව සඳහා පත් කිරීමට නියමිත සම්පූර්ණ නියෝජිතයන් ගණන 12 කි.