AD HERE

යොවුන් නාට්‍ය උ‍ළෙල සම්මානලාභීන් ගම්මන්පිල අතින් සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කරීම හරහා තරුණ සේවා සභාවට ද අපකීර්තියක්

ජාතික තරුණ සේවා සභාව මගින් වාර්ෂිකව සංවිධානය  කරන යෝවුන් නාට්‍ය උළෙල ඊයේ (28 දින) නෙළුම් පොකුණ රඟහලේදී පවත් වන ලදි. එම අවස්ථාව ඊනියා ආණ්ඩුවේ බුද්ධ සාසන හා ආගමික කටයුතු ඇමතිකම දරණ උදය ගම්මන්පිගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද අතර අමාත්‍ය දුමින්ද දිසානායකද ආරාධිතයකු සහභාගී වී ඇත. ජාතික තරුණ සේවා සභාව මේ වන විට බුද්ධ සාසන අමාත්‍යාංශයට අයත්වේ.


සම්මාන ප්‍රධානය සඳහා අමාත්‍යවරුන්ට ආරාධනා කිරිමත් සමඟ සියළුම සම්මාන ලාභීන් ඊනියා අමාත්‍යවරුන් අතින් සම්මාන ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව ජාතික තරුණ සේවා සභාවෙන් වාර්තාවේ.

පවතින අස්ථාවර රට හමුවේ ගම්මන්පිල හා දුමින්ද දිසානායක අමාත්‍යවරුන් ලෙස සම්මාන ලාභීන් පිළිගැනිමට අකමැතිවීම මෙවැනි ප්‍රතික්ෂේප කිරිමකට හේතුව බව අනාවරණයවේ.කෙසේ නමුත් අවසානයේදී ප්‍රවීන රංගන ශිල්පි ශ්‍රියන්ත මෙන්ඩිස් මහතා අතින් සම්මාන ප්‍රධානය කළ අතර, ගම්මන්පිළ හා දුමින්ද දිසානායක දැඩි අපහසුතාවයෙන් හා ලජ්ජාවෙන් පිටව ගිය බව වැඩි දුරටත් වාර්තාවේ.

ජාතික තරුණ සේවා සභාවේ සභාපති මනුල මහතා ද දැඩි අපහසුතාවට පත්වි ඇති අතර, යොවුන් නාට්‍ය උළෙල තුළ මෙවැනි තත්ත්වයක් ඇතිවුයේ ඉතිහාසයේ පලමු වතාවට බව තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨම නිලධාරියෙක් ප්‍රකාශ කළේය.