AD HERE

29, 30 පාර්ලිමේන්තු සැසිවාර අතිශ්‍ය තීරණාත්මකයි - අමාත්‍ය අජිත් පී පෙරේරා

ජනපතිට හෝ අගමැති මහින්දට එක්සත් ජාතික පක්ෂය හෝ එක්සත් ජාතික පෙරමුණ කඩන්න බෙදන්න කිසිඳු හැකියාවක් නොමැති බවත්, ඔක්තොම්බර් 26 පසුව පක්ෂයක් ලෙස අප තවත් ශක්තිමත් වු බවත්, 29 වෙනි බ්‍රහස්පතින්දාට පාර්ලිමේන්තුව සතු බලය බලය ජනපතිට හා අගමැතිට පෙන්වන බවත් අද උදෑසන අරලියගහ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා කියා සිටියා.

29 බ්‍රහස්පතින්දා පාර්ලිමේනතුව ආරම්භයත් සමග ව්‍යවස්ථාවේ  148 වගන්තියට අනුව මුල්‍ය පාලන සම්බන්ධව ඇති බලය පෙන්විම විශේෂත්වයකි.  පාර්ලිමේන්තුවේ බහුතර බලයට ගරු නොකරන ජනපති සිරිසේනට හා මහින්දට අපි පාර්ලිමේන්තවේ සැබැ බලය පෙන්වනවා යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  ජනපතිට හෝ අනීතික අගමැතිට පාර්ලිමේන්තුව අභිබවා මුල්‍ය බලතල නොමැති බව වැඩ් ඡන්දයෙන් නැවත සම්මත කරනවා. එසේ සම්මත විමත් සමග අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද භුක්තිවිදින හෙලිකොප්ටර් ඇතුළු සියළුම වරප්‍රසාද අහිමි වන අතර, අග්‍රාමාත්‍ය කාර්යාලයට මුදල් අහිමි වන බව මෙහිදි පෙන්වා දෙනු ලැබිය.

එසේම, 29 දින ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තය අතින් ගත වු මාසයක කාලය තුළ ලබා ඇති පිරිහීම සම්බන්ධව ඉතා දීර්ඝව සාකච්ඡා කිරිමට නියමිතයි.  ඒ අනුව, ලොන්ලි ප්ලැනට් සඟරාව පෙන්වා දුන් 2019  ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය වු කොළඹට අද වන විට අත්වු ඉරණම සැළකිල්ලට ගැනේ. මේ වන විට හෝටල් කාමර හිස් වී තවදුරටත් කාමර වෙන් කිරීම් අවලංගු කරමින් පැවතීම තුළ,  විශේෂයෙන් මෙරට සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියා දස ලක්ෂ ගණනක් අනතුරට පත්ව ඇති ආකාරය විශේෂයෙන් පාර්ලිමේන්තුවේදී අවධාරණය කෙරේ.

30 වෙනි දින පාර්ලිමේන්තව රැස්වී, අමාත්‍යවරුන් විසින් භුක්තිවිදින සියළුම වරප්‍රසාද ඉවත් කරන්න නැවත ඡන්ද විමසීමක් කරනු ඇත. එම ඡන්ද විමසීම වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වු පසුව, අමාත්‍යවරුන්ට ඔහුන්ගේ කාර්යමණ්ඩලයට රජයේ යාන වාහන භාවිතය, වැටුප් ලබා ගැනීම හා වෙනත් වරප්‍රසාද භුක්තිවිදීම නතර වන බව ද අජිත් පී පෙරේරා අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඊනියා බලයක් හෝ මුක්තියක් නොමැති අගමැති මහින්ද මුදල් හා ආර්ථික කටයුතු ඇමති ලෙස අපරාධ වැරදි වලට දඩගහපු අයගේ දඩමුදල් කපා හැර ඇත. ඒ අනුව, රේගු අධ්‍යක්ෂ ජනරාල්ට අගමැතිවරයා නියෝගයක් නිකුත් කරමින් අලි රීෂාඩ් මෝෂ්  නැමැත්තතෙකුට ඩොලර් 53455 ක්  ගෙවන ලෙස දන්වා ඇත.  නිතී විරෝධි ධුර දරණ අයට මෙහෙම කරන්න බැහැ.

රජ්‍ය සේවයේ රැකියා ස්ථිර කිරිම්, නව පත් කිරීම් රාශියක් මේ වන විට සිදු කරමින් පවතින බවත් එම සියළු ස්ථිර කිරීම් හා බඳවා ගැනීම් නව ආණ්ඩුවක් යටතේ අවලංගු කරන බවත්, වරායේ ජයබහාලු පර්යන්තයේ  කොන්ත්‍රාත් ඇතුළු නිතී විරෝධි ආණ්ඩුව ලබාදුන් සියළුම කොන්ත්‍රාත් ශුන්‍ය කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කරන ලදී. එවැනි ක්‍රියා නිසා  මහජනතාවට අහිමි වු මුදල් වග උත්තරකාර අමාත්‍යවරුන්ගේ අයකර ගන්නා බවත් මෙහිදි ප්‍රකාශ කරන ලදි.

එසේම, 19 වන ව්‍යවස්ථාව යටතේ ජනපතිට සිය බලතල භාවිතයේදී මුක්තියේ අයිතිය ඇත්තේ ජනපති ධුරයේ සිටින තාක් කල් පමණි. ඒ අනුව, තවත් වසරකින් ජනපතිකම අහිමි වු විට ජනපති ද සාමාන්‍ය පුරවරසියකු වන අතර, අද කරන සියළු අනීතික කටයුතු සඳහා තවත් වසක් ගියපසු නඩු පැවරිය හැකි බවද වැඩිදුරටත් අනාවරණය කරන ලදී.