AD HERE

හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා යළි සේවයේ පිහිටුවයි


වැලිකඩ බන්ධනාගාරය තුළ දී 2012 වසරේ  ආරක්ෂක අංශ  විසින් සෝදිසියක් කිරීමේ මුවාවෙන් රැඳවියන් 27 දෙනකු ඝාතනය  කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරය සිට ඇප මත මුදා හැර සිටින  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ (21) සිට නැවත සේවයේ පිහිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

තමන් යළි සේවයේ පිහිටුවන ලෙසට රංගජීව මහතා මේ මස19 වැනි දින පොලිස්පති සහන මැදිරියට අභියාචනයක් ඉදිරිපත් කර තිබූ අතර එම අභියාචනය  ඊයේ  (20) දින පරීක්ෂා කර බලා ආයතන සංග්‍රහයේ  ප්‍රතිපාදන  අනුව  පොලිස්පතිවරයා  විසින් මෙම පියවර ගත් බවත්,  පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ම නැවත සේවය ලබා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් වාර්තා කර ඇත. 
පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව මහතා රහස් පොලිසිය විසින් ඉකුත් මාර්තු මස 23 වැනි දින 
අත් අඩංගුවට ගෙන මාස 6 ට අධික කාලයක් පුරා රිමාන්ඩ් බාරයේ සිටි රංගජීව මහතා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා ඔහුගේ නීතීඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසුව අභියානාධිකරණය ඉකුත්  සැත්තැම්බර් 21 වැනි දින ඒ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.

මෙවැනි පසුබිමක් තුළ පොලිස් පරීක්ෂක නියෝමාල් රංග ජීව මහතා රටේ සිදුවු දේශපාලන කුමන්ත්‍රණය සමග ඉතා කඩිනමින් යළි සේවයේ පිහිටුවිම තුළ මහින්ද රාජපක්ෂලා වෙනුවෙන් සිරකරුවන් ඝාතනය කිරිමට සම්බන්ධ වන්නට ඇතැයි යන සැකය යළි යළිත් තහවුරු වන බව පොලිසිය තුළින්ම කසු කුස නැගේ..