AD HERE

මිලියන තුන හමාරකට අධික අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට

මිලියන තුන හමාරකට අධික අයිස්  මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
චෙන්නායිහි සිට මෙරටට පැමිණ ඇති අදාළ පුද්ගලයා ගුවන්තොටුපල පැමිණිමේ පර්යන්තය අසලදී කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.
එහිදී සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300ක් පොලීසිය බාරයට ගෙන තිබේ.
මීට පෙර අවස්ථාවකදී මෙම ව්‍යාපාරිකයා විසින් ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් ද රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට පත් වී තිබුණි.
මෙම ව්‍යාපාරිකයා අද(22) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, දින 07 ක් කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ මූලස්ථානයේ රදවා තබා ගෙන, දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් කටයුතු කරයි.
සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළේය.