AD HERE

මෛත්‍රිට වසා දමන ලද මල්වතු අස්ගිරි විහාර දොරවල් අගමැති රනිල්ට විවෘත කරයි



එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සිවිල් සංවිධාන කිහිපයක් ඒකාබද්ධව යුක්තියේ ජන හඬ ජන රැලිය අද (24) මහනුවර දී අති සාර්ථකව පැවැත්වීමෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මල්වතු හා අස්ගිරි මහා විහාරයට ගොස් මහ නායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ඇති බව මහනුවර අප විශේෂ නියෝජිතයා වාර්තා කරයි.
ජනපති සිරිසේන මහතා පසුගිය සතියේ මල්වතු හා අස්ගිරි මහ නායක සිවාමීන් වහන්සේලා බැහැදැකිමට ගිය අවස්ථාවේ උන්වහන්සේලා විසින් ජනපති සිරිසේන සමග සාකච්ඡා කිරිමට ඉදිරිපත් නොවිමේ පසුබිම තුළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවස්ථාව ලබාදීම විශේෂත්වයකි.
වැඩි දුරටත් තොරතුරු අනාවරණය වන ආකාරයට ඉතා උණුසුම් ලෙස ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු පිරිස මහ නායක ස්වාමීන් වහන්සේලා පිළිගෙන ඇති අතර, රටේ වර්තමාන දේශපාලන තත්ත්වය හා ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරිමට ඉදිරියේදි ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මහ නායක ස්වාමීන් වහන්සේලාට අග්‍රාමාත්‍යතුමා පැහැදිළි කර ඇත.