AD HERE

කුමන්ත්‍රණකරුවන්ට ව්‍යවස්ථාවේ නීතිරීති අස්සේ රිංගා යෑමට හැකි නම් කුමන්ත්‍රණය පරාජයට පත් කරන අයගෙන් සදාචාරය බලාපොරොත්තු වන්නට එපා

ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මත ආර්ථිකය බරපතළ කඩා වැටී ඇති බවත් ඒ අනුව පොදු ජනතාව දැඩි පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බැවින් එයට වහාම විසඳුම් සෙවීමට සභාව කටයුතු කළ යුතු බවට යෝජනාවක් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ගෙන එනු ලැබීය.
මෙම යෝජනාව ස්ථීර කරමින් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ‍, අද රට තුළ විශාල අරාජික තත්ත්වයක් ඇතිව තිබෙන බවයි.
කථානායකවරයා විසින් පසුගිය දා ආණ්ඩුවක් නොමැති බව පවසා තිබෙන බවත්, ඒ අනුව මුළු මහත් රාජ්‍ය ත්‍රාන්ත්‍රයම කඩා වැටී තිබෙන බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙම අස්ථාවර භාවය ඉබේ ඇති වුවක් නොවන බවත්, මෙය සම්පූර්ණයෙන්ම දේශපාලන කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවත්, පසුගිය ඔක්තෝබර් මස 26 වන දින එය සිදු කළ බව ද කියා සිටියේය.
ආණ්ඩු පෙරළීමට ක්‍රම 3 ක් තිබිය දී මෙවැනි කුමන්ත්‍රණයක් සිදුවු බවත්, රටේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අගමැතිවරයෙකු පත් කර ආණ්ඩුවක් සෑදීම පිළිගත යුතු ද යන්න මෙහිදී අනුර දිසානායක මහතා ප්‍රශ්න කර සිටියේය.
වෙනත් රටක මෙවැනි කුමන්ත්‍රණයක් සිදු වු නම් අද වන විට ලේ ගංගාවක් නිර්මාණය වන බවත්, ඒ අනුව කුමන මතවාදයක සිට හෝ රටේ ජනතාව සිටින ස්ථාවරය ගැන තමා ස්තූති වන බව ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
මෙම දේශපාලන කුමන්ත්‍රණය පිළිනොගන්නා බවට දැඩි ස්ථාවරයක සිටි බවත්, ජනාධිපතිවරයා විසින් සිදු කළ මෙම කුමන්ත්‍රණය තුළ සිට ගනිමින් කිසිවිටෙකත් ඔහුට ප්‍රජාත්‍රන්ත්‍රවාදයේ සත්‍යතාවය සෙවිය නොහැකි බව ද කියා සිටියේය.
කුමන්ත්‍රණකරුවන්ගේ උවමනාව මත පාර්ලිමේන්තුව කල් දමනු ලැබු බවත්, මෙය ජයග්‍රහණය කිරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නොලැබුණ බව ද කියා සිටි මන්ත්‍රීවරයා අවසානයේ දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබු බව ද කියා සිටියේය.
ව්‍යවස්ථාව තුළ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු ජනවරම ඉවත් කිරීමේ හැකියාව ලැබී තිබුණ ද කිසි විටෙකත් ජනවරම් දෙකක් එකට ගැටීම අනුමත කල නොහැකි බවද පැවසීය.
මෙම වර්ධනය වෙමින් පවතින ප්‍රජාතන්ත්‍රණ විරෝධි තත්ත්වය පාලනය කළ යුතු බවත්, ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත්ව තිබෙන බවත්, කියා සිටියේය.
රටේ මුලික පුරවැසියා ලෙස ජනාධිපතිවරයා සම්පූර්ණයෙන්ම ව්‍යවස්ථාව අද උල්ලංඝනය කර ඇති බවත්, ඒ අනුව 19 වන  සංශෝධනයේ මුලික හරය හෝ නොදන්නා බව ද පැවසීය.
කුමන්ත්‍රණයේ දෙවන පියවර කෙසේ හෝ පාර්ලිමේන්තුව තුළ පරාජයට පත් කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.
කුමන්ත්‍රණකරුවන්ට ව්‍යවස්ථාවේ නීතිරීති අස්සේ රිංගා යෑමට හැකි නම් කුමන්ත්‍රණය පරාජයට පත් කරන අයගෙන් සදාචාරය බලාපොරොත්තු වන්නට එපා යනුවෙන් ද අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.
කුමන්ත්‍රණය අශිෂ්ඨ නම් එයට එරෙහි සටනේ සීමා මායිම් හොයන්න එපා ජනාධිපතිවරයාට පැවසීය.
සෑම විටම මෙම කුමන්ත්‍රණය දිනා ගැනීම සඳහා ව්‍යවස්ථාව හා නීතිරීති උපයෝගී කර ගනිමින් සිටින බව ද කියා සිටියේය.
ඒ අනුව සියල්ල පාර්ලිමේන්තුව තුළ විසඳා ගත යුතුව ඇති බවත්, පාර්ලිමේන්තුවේ වගකීම් සියල්ල මැද මෙම සටන ජයගත යුතුව ඇති බවත් පැවසීය.