AD HERE

මහින්ද පාලනය කළ නොහැකි තැන මෛත්‍රි ඝෝඨා හෝ බැසිල් අගමැති කරන ලකුණු



මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාවේ සියළුම ව්‍යාපෘති වීනටය කොන්ත්‍රාත් දීම ආරම්භ කළේ මෛත්‍රි ද දැනුවත් කරමින්ය. නමුත් සෑම සිදුවිමකදී මෙන් චීනයට කොන්ත්‍රාත් ලබාදීම පිටුපස ජනපති ද සිටින බව සිය අමාත්‍ය මණ්ඩලයම කසු කුසු නගන විට ජනපති තමන් ඒ ඩීල් සමග සම්බන්ධතාවයක් නැතැයි පෙන්වීමට නව අගමැතිවරයකු සොයන තැනට පත්ව ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.

නමුත් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින් පිරිසක් කර කියා ගත හැකි කිසිවක් නොමැති තැන නැවත එජාපය සමග හෝ සභාග ආණ්ඩුවක් ගෙන යාමට කැමැත්ත පල කරමින් සිටී. නමුත් එජාපය මේ මොහොතේ ඊට එකඟ නැත.
ජනපති මේ අර්බුදය හමුවේ ඝෝඨා හෝ බැසිල් අගමැති කිරිමට සුදානම් වන තත්ත්වයක් පෙනෙන බව හැසිරීමෙන් විද්‍යාමාන බව ජනපති හිතවතුන් පෙන්වා දෙයි.

ඝෝඨා, බැසිල් හා මහින්ද සහෝදරයන් උනාට පොහොට්ටුව තුළම විවිධ පිල් බෙදීම් ඇත. ඒ අනුව, ලබන සදුදායින් ආරම්භ වන සතිය ජනපති සිය ඊලඟ නාටකය කරළියට ගෙනෙනු ඇතැයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

එල්ල වෙන පීඩනය හමුවේ මහින්ද සමග අමාරුයි යන්න නැවතත් ජනපති සමාජ ගත කරමින් සිටින්නේ ජනතාවගේ අනුකම්පාව ලබා ගැනීමට සඳහා බව ආරංච්වේ.