AD HERE

අගමැති මහින්දට බුරුන්දි රාජ්‍ය සුුභ පැතුම් එකතු කරයි - විශේෂ පුවතක්


අද වන විට ඊනියා අගමැති මහින්ද රාජපක්ෂ රජයට හරියටම මාසයක් ගතවී ඇත. මහින්ද රාජපක්ෂට කිසිදු විදේශිය රටකින් සුභ පැතුම් එක් කළේ නැත. චීනය හා පාකිස්ථානය ද සිය තනාපතිවරුන් හරහා ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ස්ථාවර කර ගන්නා ලෙස අගමැතිට දන්වා ඇත. එය සුභ පැතිමක් නොවන බව තහවුරු වේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ පත් වු සෑම අගමැතිවරයකුටම විදේශ රටවල් උණුසුම් සුබ පැතුම් පිරිනැමුවා පමණක් නොව සිය රටවල්හි සංචාරය කරන ලෙසද ආරාධනා කරන ලදී.

මෙවැනි පසුබිමක් තුළ මහින්ද රාජපක්ෂට තම වහල් ජනතාවට තමන් සමග ජාත්‍යන්තර ප්‍රජාව සිටින බව පෙන්විමට අවශ්‍ය විය. ඒ සඳහා ඔහු කළේ බුරුන්ඩි රාජ්‍ය තමන්ටනිල  සුභ පැතුම් එක්කළ බව පෙන්වීමයි. ඒ බව රූපවාහිනී මාධ්‍ය කිහිපයක්  වාර්තා කළ අතර, එහිදී කිසියම් විදේශීය පුද්ගලයකු පැමිණ මහින්ද රාජපක්ෂ මහතාට අතට අත දෙනු පෙන්වනු ලැබිණි. එහෙත් බුරුන්ඩි රාජ්‍යයේ  තානාපති කාර්යාලයක් ලංකාවේ නොමැති අතර, ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි එරට තානාපති කාර්යාලයේ සිටින්නේ කාන්තා තානාපතිනියකි. එම සුභ පැතුම් ප්‍රවෘත්තිය ද  මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක  කණ්ඩායම විසින් ගොතන ලද්දක් බව මේ රටේ මහින්ද රාජපක්ෂ වන්දනා මාන කරන පුරවැසියන්ට අපි සටහන් තබන්නෙමු.

මහින්ද අනිකුත් කියුම් හා කෙරුවාවල් ද මීට නොදෙවෙනි බව ද සටහන් කරන්නේමු.