AD HERE

IMFණය ඩොලර් බිලියන 1.85ක මුදල මෙම අර්බුදය අවසන් වන තුරු නෑ -රටේ ආර්ථිකය පවතින්නේ ඉතාම කනගාටුදායක තත්වයක

දැන් රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (20 කොළඹදී) මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමිනි.
මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදීමට නියමිතව තිබුණු ණය මුදල් අත්හිටුවා ඇති බවත් ඒ අනුව එම ඩොලර් බිලියන 1.85ක මුදල මෙම අර්බුදය අවසන් වන තුරු නොලැබෙන බව පැවසූ වෙල්ගම මහතා ඒ සියල්ල සලකා බලන විට රටේ ආර්ථිකය පවතින්නේ ඉතාම කනගාටුදායක තත්වයක බව ද පෙන්වා දුන්නේය.
සියල්ලන් එකතුවී මේ ආර්ථිකය ගොඩගැනීමට කටයුතු නොකළහොත් රට මංකොල්ලකන තත්වයකට පත්වනු ඇති බවයි ඒ මහතා අවධාරණය කළේ.