AD HERE

ජනපති නියෝගයෙන් ගරු කථානායක තුමාගේ කීර්ති නාමය කෙළසන වෑයමක්


උද්ගතවී ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී හා සදාචාර විරෝධි මහින්ද අගමැති පත් කිරිමේ හා ඉන් අනතුරුව වෙන්දේසි ක්‍රමයට අමාත්‍ය මණ්ඩලයක් පත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යන කාරණා වෙනුවෙන් පසුගිය 16 දින හා 18 දින පාර්ලිමේන්තුව තුළ අභිත ලෙස සිය බලය ක්‍රියාත්මක කරමින් නැවත රට තුළ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර දේශපාලන ස්ථාවර භාවයක් ඇති කිරිමට දිවිහිමියෙන් කැපවුණු කථානායක කරු ජයසුරීය මහතාට එරෙහිව ජනපති පල්ලේවත්ත ගමරාළගේ මාධ්‍ය දඩ බල්ලන් ලිහා දැමීමේ ඉතා පහත් ක්‍රියාවක් ඊයේ රාත්‍රියේ සිට ජනපතිගේ උපදේශකත්වයෙන් ආරම්භ කර ඇති බව අපට වාර්තාවේ.

මේ මාධ්‍ය මෙහෙයුම පියවර දෙකකින් ක්‍රියාත්මක වේ. පළමුවැන්න වනුයේ අද දින සිට කථානායකවරයාට එරෙහිව ශ්‍රීලනිපයේ හා පොහොට්ටුවේ පළාත්සභා, ප්‍රදේශිය සභා හා නගර සභා මන්ත්‍රිවරුන් යටතේ ප්‍ර දේශිය මට්ටමෙන් උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කිරිමයි. දෙවැන්න වනුයේ මාධ්‍ය හරහා ඒ සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා දීමයි. 

එහිදි, පවතින නිතීය ව්‍යවස්ථාව හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව අල්ප මාත්‍ර දැනිමක් නැති අයගෙන් වොයිස් කට් අරගෙන ඒ හරහා කථානායකවරයාට දැඩ් පීඩනයක් එල්ල කිරිම හා එතුලින් කථානායක විරෝධි ජන පවුරක් ගොඩනැගීම ජනපතිගේ හා අගමැතිගේ අලුත්ම උපාය වී තිබෙන බව අණාවරණය වේ.

ඒ අනුව, පුරවැසියන් මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් ජනපති හා අගමැති මහින්ද තමන්ට නැති බලයක් ඇතැයි පෙන්වමින් රට අස්ථාවර කරන ලද කුමන්ත්‍රණයට සාමාන්‍ය ජනතාවද ඈදා ගැනිමට දරණ පහත් උත්සහයක් ලෙස මෙය පෙන්වා දිය හැකි බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

කෙසේ වුවත්, ඉතා නිර්භිත හා එඩිතර තීන්දු තීරණ ගන්නා ගරු කථානායකවරයා මෙවැනි ජනතා උසුගැන්වීම් හා පහත් මාධ්‍ය භාවිතයෙන් නවතාලිය නොහැකි බව ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ පෙරමුණ පෙන්වාදෙයි.