AD HERE

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට එ.ජා.පෙ නියෝජිතයින් නම් කරයි

මතුව ඇති ගැටළු විසඳා ගැනීම සඳහා පත් කිරීමට යෝජිත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සිය නියෝජිතයින් නම් කර අවසන් බව එක්සත් ජාතික පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල අරලියගහ මන්දිරයේ අද (21) පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ අදාළ නියෝජිතයන්ගේ නම් එළඹෙන සිකුරාදා දැන ගැනීමට හැකිවනු ඇති බවයි.
අදාළ තේරීම් කාරක සභාවේ බලය හිමි වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කණ්ඩායමට බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් කිරිඇල්ල මෙහිදී කියාසිටියා.