AD HERE

ප්‍රදේශ කීපයකට නාෙයයෑම් අනතුරු නිවේදන නිකුත් කෙරේ-

වැසි සහිත කාලගුණික තත්වය තවදුරටත් පැවතියහොත් ප්‍රදේශ කිහිපයක නායයෑම් සිදුවිය හැකි
 
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලත් නායයෑම් අවදානම් පවතියි.
බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ  සංවිධානය අනතුරු අඟවා තිබේ.
එමෙන්ම එම සංවිධානය ප්‍රකාශ කලේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලත් කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක සහ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලත් නායයෑමේ අවදානමක් පවතින බවයි.
මේ අතර නායයෑමේ ලක්ෂණ පවතින්නේ නම් වහාම ආරක්ෂිත ප්‍රදේශ වෙත ගමන් කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලීමක් කරයි.