AD HERE

මෛත්‍රි-මහින්ද දෙදෙනාම ජාතිය අමතයි - රට කුජිතයි

මෛත්‍රි-මහින්ද දෙදෙනාම රනිල් වික්‍රමසිංහට බිය වී ඇති බව අද හවස දෙදෙනාගේම හැසිරීමෙන් ලෝකයාට නැවත වරක් තහවුරු වු බව විදේශ මාධ්‍ය ආයතන පවසා ඇත.

ජනපති සිරිසේන විදේශ මාධ්‍ය ආයතන අමතමින් යළි කිසි දිනක රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් නොකරන බව දැනුම් දුන්නේය.

26 දින මෛත්‍රි ඇති කළ ව්‍යවස්ථා අර්බුදය මේ වන විට පෞද්ගලික කෝන්තරයක් බවට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ද නිරීක්ෂණය කර ඇත.

එබැවින් ඉදිරියේදී ජනපතිවරයා දේශපාලනික හා ආර්ථික අතින් පමණක් නොව සදාචාරාත්මක ලෙසද තිරිසන් සමාජයකට ශ්‍රී ලංකාව රැගෙන යන බවට වෙනත් සාක්ෂි අනවශ්‍ය බව අද තහවුරු කළේය.

අගමැති මහින්ද අද ජාතිය ඇමතුවේය. ජනපති ජාත්‍යන්තර ප්‍රජාවට බොරු කියන විට, අගමැති ලංකාවේ පුරවැසියන්ට බොරු කියු බව දේශපාලන විචාරකයින්ගේ මතයයි. ඒ අනුව, රාජ්‍ය මාධ්‍ය අවභාවිත කරමින් ජනපති හා අගමැති තරඟයට බොරු කීම මේ වන විට කලාවක් වී ඇති බව වැඩිදුරටත් විචාරකයින් පෙන්වා දෙනවා.

අද විශේෂ හෙළිකොප්ටර් යානයකින් මහනුවරට ගිය ද, එතරම් ප්‍රතිචාරයක් නොවිය. වෙනදා මෙන් ජනතා සහභාගීත්වයක් නොමැත්තේය. ඊයේ යුක්තියේ ජන හඩ ජන ගඟ මහින්දට තාම මතකය. රටක අගමැති ජාතිය අමතන විට සංවර විය යුතු බවත්, වෙනදා මහින්දගේ කථා ස්වරූපය හා මුහුණේ ඉරියව් අද දකින්නට නොතිබිම ජාතිය අමතා කරන ලද කථාව පටිගත කළ කණ්ඩායමට ද හොඳට ම වැටහුණු බවට කසු කුසු පැතිරේ.

අගමැති මහින්ද ජාතිය අමතා කළ කථාව රටේ සියළුම ස්වාමීන් වහන්සේලා ඇතුළු පූජක පක්ෂයට, වැඩිහිටියන්ට හා විද්වතුන්ට නැවත නැවතත් අසන්නැයි ඇතැම් මාධ්‍යෙව්දීන් ප්‍රකාශ කර ඇත.
වැටත් නියරත් ගොයම් කා නම් කාට කියන්න ද මේ දුක යන පැරණි ජනවහරේ ඇති කථාව එදාටත් වඩා අදට ගැළපෙන බව සාහිත්‍යදරයෝ පෙන්වා දෙති.

අග්‍රාමාත්‍යවරයා ජනතාව අමතමින් ප්‍රකාශ කළේ තමාට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති නිසා අගමැති ලෙස කටයුතු කරගෙනයාමට ඉඩ දෙන ලෙසයි. නමුත් සැබෑ තත්වය අවස්ථා තුනකදි 122,121,121 ලෙස රනිල් බහුතරය පෙන්වා ඇත. එසේනම් රාජපක්ෂගේ අභිප්‍රාය කෙසේ හෝ මැතිවරණයකට නොගොස් සුළුතර ආණ්ඩුව පවත්වාගෙන යාමයි.

නමුත් ජනපතිවරයා කියන්නේ ඊට වෙනස් කථාවකි. ජනපති කියන්නේ රනිල්ට බහුතරය ඇතත්, කිසි දිනෙක යළි අගමැති ලෙස පත් නොකරන බවයි. ඒ අනුව ජනපති රනිල් වික්‍රමසිංහ මහතාට බහුතරය ඇති බව පිළිගනී.
නමුත් මහින්දට අගමැති තනතුර ලබාදීම සාධාරණිකරණය කරන්න යොදන උපාය නම් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමයි. එවිට ජනපති බලය, අගමැතිගේ ඊනියා හොර ආණ්ඩුවේ බලය යොදාගෙන මහ දවල් අමු අමුවේ ඡන්ද මංකොල්යක් සිදුකර නැවත මහින්ද අගමැති ලෙස පත් කර, දැනට ඉතිරිව ඇති ජනපති ධුර කාලය සතුටින් ගෙවා ඊළඟ වතාවේත් ජනපති වීම සිරිසේනගේ සිහිනයයි.

මහින්ද ද මේ මොහොතේ මහ මැතිවරණයකට කැමති වන්නේ සිරා-මරාගේ ඉහත එකඟතාවය නිසාය. මේ මොහොතේ ජනපතිවරණයක් පවත්වන්නට උත්සහ නොගන්නේ එක්සත් ජාතික පෙරමුණ වටා රට වටෙන්ම ගොඩනැගෙමින් පවතින පුළුල් ජන බලය නිසාය. නමුත් ජනපති-අගමැති දෙදෙනාම ජනතාව නැවත වරක් රවටන්නේය.

ජනපතිවරණයක් පවත්වන්නේ නම් එක්සත් ජාතික පෙරමුණේ නියත ජනපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ බව සිරා-මරා දෙදෙනාම දනි. රනිල් වික්‍රමසිංහ ජනපතිවරණය ජයගෙන නැවත රට ගොඩනැගු විට මේ අජපල් අමන මජරි සිරිසේනලාට මහින්දලාට ලක් දෙරණ දේශපාලන රඟමඩලක් කර ගැනීමට නැවත කිසි දිනෙක ඉඩ නොලැබෙව බව හොඳින්ම දනි.

මේ මොහොතේ පොදු ජනතාව අමාරුවෙන් හෝ මහින්ද- මෛත්‍රි ජඩ තිරිසන් බලලෝබි දේශපාලන සූත්‍රය කියවා ගත යුත්තේය.