AD HERE

ජනපති වියරුව උග්‍රයි... මාධ්‍ය අධ්‍යක්ෂ ගෙදර යවයි


ජනපති මාධ්‍ය අධ්‍යක්ෂ චන්දන සිරිමල්වත්ත අද දින එම තනතුරින් ඉවත් කර පන්නා ඇති බව ජනපති කාර්යාලයෙන් වාර්තාවේ.

තොරතුරු අනාවරණය වන අන්දමට කතානායක කරු ජයසුරිය සම්බන්ධව කූට ලේඛනය සකසන්නට ජනපති කාර්යාලයෙන් අගමැති මාධ්‍ය සම්බන්ධිකාරක නුවන් නිරෝධ සමග සම්බන්ධ කම් පවත්වා ඇත්තේ සිරිමල්වත්ත බව හෙළිවේ.

මුලදී එම කූට ලේඛනය සම්බන්ධව ජනපති ද දැනුවත්ව සිට ඇති නමුත් ක්‍රමන්ත්‍රණය රටට හෙළිවීමේන් අනතුරුව එහි වරද සිය මාධ්‍ය අධ්‍යක්ෂවරයා වෙත පටවා, ජනපති සිය දෑත් සෝදා ගැනිමට   තමන්ට බැල මෙහෙවරකම් කළ මාධ්‍ය අධ්‍යක්ෂවරයා පන්නාගෙන ඇත.

ඒ අනුව, අද වන විට සිරිසේන ජනපති සිය මාධ්‍ය අධ්‍යක්ෂවරයා ද පාවාදීමට තරම් දීන වී ඇත. ජනපති පල්ලේවත්ත ගමරාළ මේ මොහොත වන විට ගිළිහෙන බලය අභියස වියරු වැටි ඇති බව පෙනේ.

ජනපති කියන කියන විදිහට අපි තීන්දු තීරණ ගෙන වැඩ කළා අවසානයේදි අද යන්න කියනවා මේවා අපිට හොඳ පාඩම් යයි කියමින් චන්දන සිරිමල්වත්ත සිය කාර්යාලය අස් කරගෙන පිටව ගොස් ඇත.

නමුත් ජනපති කාර්යාලයේ තතු දත් ආරංච් මාර්ග පෙන්වා දෙන්නේ ජනපති සිරිමල්වත්තට අමතක නොවන පාඩමක් ඉගැන්වු බවය.

මාධයවේදීන් ලෙස අපට ද කිව හැක්කේ නිලයට බලයට වහල් වී තම රට ජාතිය ගැන නොසිතා බලයෙන් උන්මන්තක වු ජනපතියෙක් හා අගමැතියෙක් වෙනුවෙන් පෙනි සිටින මාධ්‍යෙව්දීන් කාටත් අවසානයේ අත්වන ඉරණම අද සිරිමල්වත්ත අත්විඳි බවය.