AD HERE

මෛත්‍රි-මහින්ද ජුන්ටාව නවතම විදිහට කථානායකවරයා දඩයම් කරයි


මෛත්‍රි-මහින්ද කථානායක කරු ජයසුරිය මැතිතුමාට කොතරම් බිය වී ඇති ද යන්න පෙන්වා දීමට තවත් ඉතා හොඳ කුමන්ත්‍රණයක තොරතුරක් අණාවරනය වී ඇත. කථානායකවරයාට ජනාධිපති සතු බලතල ලබා ගැනීමට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අග්‍ර විනිශ්චයකාර තුමන්ට කථානායකවරයා ලියන ලද ආකාරයේ ලිපියක් කථානායක කාර්යාලයේ ලිපි ශිර්ෂයක ලියා ප්‍රසිද්ධ කිරිම නවතම කුමන්ත්‍රණය වේ.

කථානායකවරයා විසින් මෙවැනි ලිපියක් අග්‍ර විනිශ්චයකාරතුමාට යැව්වේ නැති බව සහතික කර ඇත. ඒ බව ගරු කථානායක කාර්යාලය නිවේදනය කර ඇත. ඒ අනුව මෙම ගොසිප් අඩවියේ ම අද උදැසන පල කරන ලද කථානායකවරයාට එරෙහි ජනපතිගේ මාධ්‍ය දඩ බල්ලන් ලිහා දැමිමේ පහත් ක්‍රියාවළියේ තවත් ආංශික මෙහෙයුමක් ලෙස මෙම ලිපිය ගරු අග්‍ර විනිශ්චයකාරතුමන්ට යොමු කිරිම ජනපති නියමයෙන්ම සිදුවි ඇති බව තතු දත් ආරංචි මාර්ග අණාවරනය කරයි.

මෙවැනි විහිළු සැපයිම ජනපති හා අගමැතිට දැන් සාමාන්‍ය දෙයක් වී ඇති ජනපති කාර්යාලයේම හිතවතුන් පෙන්වාදෙයි.