AD HERE

සිරිසේන ජනපති නාමල් කුමාර දේශපාලකයකු කළ කථාව හෙවත් නාලක කුමාර සන්නිය

ජනපති සිරිසේන රට ම අගාදයට ඇද දමා අදට හරියටම මාසයයි. ඔබට මතක නම් ඔක්තෝම්බර් 26 දින රාත්‍රිය සිද්ධි දාමය එක පිට එක ආවර්ජනය කළ හැක.
ඔක්තොම්බර් 26 දින රාත්‍රි අට පසු වන විට රෝමය ගිනිගත්තා සේ හැට දෙලක්ෂයක් ජනතාවගේ සිතුම් පැතුම්වලට මෛත්‍රි ගිනි තැබුවේය. ඒ අන් කිසිවක් නිසා නොව නාමල් කුමාර සන්නිය වැළඳුනු නිසාය.
නාමල් කුමාර ගැන අවබෝධ කර ගැනිමෙන් මෛත්‍රිට නාමල් කුමාර සන්නිය වැළඳුනේ කොහොමද ඒ ඇයි කියලා විග්‍රකර ගන්න ලෙසයි.
නාමල් කුමාර කව්ද?
වරකාපොල ප්‍රදේශයේ පදිංචි නාමල් කුමාර තමන් හඳුන්වා දෙන්නේ සිංහල ජාතික සංවිධානය සමග එක්ව අන්තවාදයට එරෙහිව ක්‍රියාකරන පුද්ගලයෙකු වශයෙනි. නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම්-දෙමළ ගැටුමක් ඇතිකිරීමට විදේශගතව සිටින පිරිසක් විසින් ගනු ලැබූ උත්සාහයක් පිළිබඳ පැමිණිලි කිරීමට පොලිස්පතිවරයා හමුවීමත් සමග, ඒ මාර්ගයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානියා ඔහුට හඳුනාගැනීමට ලැබී තිබේ. ටික කළක් ගිය විට පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල නොවන පොලිස් ඔත්තුකරුවකු ලෙසද ඔහු කටයුතු කර තිබේ.
මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයින්ට ගල්කිස්සේ දී එල්ලවූ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හා  මහනුවර ප්‍රහාර සම්බන්ධයෙන් සැකපිට මහසොහොන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට ගැනීමට පොලිසියට සහාය දුන් බව නාමල් කුමාර ප්‍රසිද්ධියේම පිළිගෙන ඇති අතර, ගල්කිස්සේ ඔත්තුව වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක ත්‍යාග මුදලක් පොලිසිය විසින් ඔහුට ප්‍රදානය කරනු ලැබ තිබේ.
දූෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන නාමල් කුමාර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කොට සේවය අත්හැර ගිය පුද්ගලයෙකු වන අතර, ව්‍යාජ ලේඛන සකස් කිරිම සඳහා නම් දරා ඇත්තෙකි.

ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය
තම මුළු ජිවිත කාලය තුළම එක් එක් අය පවා දෙමින් බඩ ගොස්තරය රැකගත් නාමල් මෙවර දියත් කළ කුමන්ත්‍රණය ඔහු තනිවම කළ එකක් නොවන බව ඔක්තොම්බර් 26ට පෙර ජනතාවට අපැහැදිළි වුවත් දැන් එය පැහැදිළිය. ජනපති සිරිසේන, මහින්ද රාජපක්ෂ, ඝෝඨාභය රාජපක්ෂ හා නියෝජ්‍ය පොලිස්පති  නාලක සිල්වා සමග එක්ව ඒ අයගේ උපදෙස් මත නාමල් කුමාර සිය රංගනය කරන ලදි.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති  නාලක සිල්වා මහතා හා රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත ප්‍රධාන පෙළේ අමාත්‍යවරයකු ජනපති සිරිසේන හා ඝෝඨාභය ඝාතනයට ඉතා සියුම් ලෙස කුමන්ත්‍රණය කරන බව නාමල් කුමාර මහනුවර ඩෙවොන් හෝටලයේදී මාධ්‍යය සාකච්ඡාවක් කියා රටට ම කුමන්ත්‍රණය හෙළි කළේය.
එම මාධ්‍ය සාකච්ඡාවේදී නාමල් කුමාර ඉදිරිපත් කරන ලද හඬ පට නොගැළපෙන්නේය. අද පවතින තාක්ෂණික මෙවලම් තුළින් මෙවැනි හඬ පට පහසුවෙන් සංස්කරණය කළ හැක. නමුත් මෛත්‍රිට හා මහින්දට රනිල් වික්‍රමසිංහගේ අග්‍රාමාත්‍ය පුටුව මංකොල්ල කන්න නාමල් කුමාරගේ ප්‍රකාශය හොඳටම ප්‍රමාණවත් විය. කුමන්ත්‍රණයේ කොටසක් ලෙස නියෝජ්‍ය පොලිස්පති  නාලක සිල්වා ද අත් අඩංගුවට පත්විය.
නාමල් කුමාර සන්නිය වැළඳුනු ජනපති
දැන් සියල්ල සිදුවී හමාරය නාමල් කුමාර සන්නිය මෛත්‍රිට තදින්ම වැළඳී ඇත. මහින්ද මෛත්‍රිට වැළඳුනු නාමල් සන්නිය තම වාසියට හරවා ගත්තේය. ජනපති සිරිසේන ලවා ම ඉතා උසස් චරිත සහතික කිහිපයක්ම තමන් හා තම පවුලේ අයට මහින්ද ලියවා ගත්තේය. ඇතැම් විටක ඒ සහතික ජාතිය අමතන මුවාවෙන් එළි දක්වන ලදී.
කෙසේ වෙතත් නාමල් කුමාරගේ හැටි සිරිසේන, මහින්ද හා නාලක දන්නේය. ඒ නිසා නාමල් කුමාරයාද සැනස්සවිමට දොළ පිදෙනි දිය යුතුමය. නැති නම් නාමල් කුමන්ත්‍රනයේ ඇත්ත නැවත රටට හෙළි කරනු ඇත.
නාමල් කුමාරට වරදාන
අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා විමෙන් අනතුරුව පොහොට්ටුවේ සමාජිකත්වය ලබා ගත්තේය. ඒ සමගම නාමල් කුමාර ද පොහොට්ටුවට බඳවාගෙන මෛත්‍රිට නාමල් සන්නිය ඇති කිරිමට කටයුතු කිරිමට කළගුණ සැළකිමක් ලෙස පොහොට්ටුවෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට තරඟ කරන්නට අවස්ථාව ලබා දුන්නේය.
නාමල් කුමාර මහින්ද රාජපක්ෂ ලවා දිගාමඩුල්ල දිස්ත්‍රික්කයට භෞතිෂ්ම ලබනවාත් සමගම කෙළින්ම ගියේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමියන් මුණගැසී සිද්ධිය සම්බන්ධයෙන් උන්වහන්සේගෙන් ආශිර්වාදය ලබා ගැනිමයි.
නාමල් කුමාර අමාත්‍යවරයාගේ නම හෙළි කරයි
එයින් නොනැවතුන නාමල් කුමාර හදිසියේ ම ඝාතන කුමන්ත්‍රණය හා සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පති  නාලක සිල්වා මහතා සමග දුරකථනයෙන් සාකච්ඡා කළ අමාත්‍යවරයාගේ නම හෙළි කළේය. ඒ පොලිසිය භාර රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නිතීය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාය.
කුමන්ත්‍රණයට පසු තත්ත්වය
අද වන විට,  මහින්දගෙන් මන්ත්‍රිවරයකු වීමට භෞතිෂ්ම ලබා අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඩරුවේ උපාලි හිමියන් මුණගැසී ආශිර්වාද ලබාගත් නාමල් කුමාර පිරිසිදු කෘතහස්ත දේශපාඥ්ඥයෙකි.
නාමල් සන්නිය වැළදුනු ජනපති සිරිසේන රටට ම වින කටිමින් ජුදාස්ගේ චරිතයට පන පොවන ලද ජාතියේ මහා පාවා දෙන්නෙකි.
මහින්ද රාජපක්ෂ රට සතුරු උපද්‍රව වළින් බේරා ගන්නට ආ ඉටු දෙවියෙක් ලෙස මාධ්‍ය සංදර්ශන මගින් මවා පාමින් සිටි.
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඝාතන කුමන්ත්‍රණය නාලක සිල්වා සමග සැලසුම් කළ චුදිතයෙකි.
ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ නම් කෘතහස්ත නායකයා ජනපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතනයට කුමන්ත්‍රණය කළ මහා මොළකරුය.
රට ම දන්නා ඇත්ත
මෛත්‍රි -මහින්ද දෙදෙනා එක්ව කුමන චෝදනා නැගුවත් මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ හා රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමන්ගේ චරිත නොකිළිටි බව හොඳින්ම දනී. ඒ නිසා කුමන චෝදනා නැගුවත් ලක්ෂ ගණන් ජනයා දිනපතා අග්‍රාමාත්‍යවරයා හා රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එක්සත් ජාතික පෙරමුණ  ආරක්ෂ කරන්නටත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නටත් පෙළ ගැසෙමින් සිටි.
මෛත්‍රි හා මහින්දගේ ඉරණම
ජනවහරේ කියවෙන පරිදි බල්ලොත් එක්ක නිදියැවොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා යැයි කීම, මෛත්‍රිට හා මහින්දට අත්විදින්නට සිදු වන දිනය වැඩි ඈතක නොවේ. එදාට ඇඟේ ඉන්නා මැක්කන් ගලවන්නට නාමල් කුමාරවත් ඉතිරි නොවනු ඇත. ඒ නාමල් කුමාරගේ මුළු ජිවිතයම පාවා දෙන්නක් නිසාය.