AD HERE

පාර්ලිමේන්තු වේත්‍රධාරී කථානායකවරයාගේ උපදෙසට හිස නමයි!

පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම ගැසට් නිවේදනය අනුව පමණක් සිදුකරනු ලබන බවට කලින් ප්‍රකාශයක් නිකුත් කර තිබුණු පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු දැන් ඔහුගේ තීරණය වෙනස් කර තිබේ.
ඒ අනුව ඔහු පවසන්නේ තමන් පාර්ලිමේන්තුවේ අසුන් පැනවීම කථානායකවරයාගේ උපදෙස් හා ගැසට් නිවේදනය යන දෙකම අනුව සිදුකරනු ලබන බවයි. ඒ අනුව ඒ මහතා අසුන් පැනවීමට කථානායකවරයාගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටී. කෙසේ වෙතත් ලබන 12 වෙනිදාට පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමට නියමිතව තිබේ.