AD HERE

මුදල් අමාත්‍යාංශයේ ලේකම් අතිසාරයට අමුඩගසයි...

ආර්ථික අස්ථාවර භාවය නිසා රට තුළ විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව මහින්ද අගමැති මුදල් ඇමති ධුරය දරණ මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.

අත්‍යාවශයම නොවන කටයුතු ඉටු කරන අමාත්‍යාංශවලට වෙන් වී ඇති මුදල් එම අමාත්‍යාංශ වෙත යැවිම නවතා දමා ඇත.  ඒ අනුව,  අත්‍යාවශ්‍යම සේවා පවත්වාගෙන යන අමාත්‍යාංශවලට පවතින මුදල් ප්‍රමාණය ලබාදෙමින් තාවකාලිකව අර්බුදය සමනය කර ගැනීමට දැනට සැලසුම් කර ඇති බව ලේකම්වරයා වැඩිදුරටත් පවසා ඇත. ඒ අනුව ඉන්ධන මිළදි ගැනීම, විදුලිබල උත්පාදනය හා සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු අනිකුත් අත්‍යාවශම භාණ්ඩ හා සේවා සපයා ගත යුතු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙත පමණක් මේ මොහොතේ මුදල් නිදහස් කරමින් පවති.

උද්ගතවී ඇති තත්ත්වය හමුවේ අනිකුත් අමාත්‍යාංශ බොඩ් ලෑල්ලට පමණක් තත්ත්වයට පත්ව ඇති බව වාර්තාවේ.

ඒ අනුව, 2019 වර්ෂයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පවා ගෙවිමට නොහැකි තත්ත්වයකට රාජ්‍ය භාණ්ඩාගාරය පිරිහි ඇති බව ඔහු පිළිගනී.