AD HERE

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න ජනපති අගමැතිගේ නියෝගයෙන් වැඩ අරඹයි

කොළඹ හා ඒ ආශ්‍රිත ප්‍රදේශ වල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියේ චෝදනා රැසක් එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට එරෙහිව සාක්ෂි දෙන නාවික හමුදාවේම ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට නාවික හමුදා මුලස්ථානයේදීම ඊයේ (25) දරුණු ප්‍රහාරයක් එල්ල කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි  රවීන්ද්‍ර විජේගුණරත්න  මහතා මේ වන විට නාවුක හමුදාවේ නොමැති වුවත්, ඔහු හා මැර පිරිසක් නාවික හමුදා මුලස්ථානයට පැමිණ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට පහර දීම හා මරණීය තර්ජන එල්ල කිරීම තුළ අද වන විට ආරක්ෂක අංශ පවා දැඩි පීඩනයකට පත් කරන්නට සමත් වී ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කීර්තිනාමයට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු ඔහුගේ මැර කණ්ඩායමේ හැසිරීම හානියකි බව නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් අප සමග පැවසුවේය.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහි නඩුව සම්බන්ධව  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් විමර්ශන කටයුතු සිදුකළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාව එම කටයුතු වලින් ඉවත්කර ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස ජනාධිපති සිරිසේන පසුගියදා නියෝග කර,ඒ අනුව ඔහුව ස්ථාන මාරු කිරීමට පොලිස්පතිවරයා ද කටයුතු කර තිබුණත් පොලිස් කොමිසමේ මැදිහත්වීමනේ එම ස්ථාන මාරුව බල රහිත විය.

ජනපති, අගමැති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු මේ හිරිකිත බියගුණු පාපතරයින්ට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාට ස්ථාන මාරුවක් දීමට නොහැකි වු තැන, එම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට පහර දී මරණ තර්ජන එල්ල කරමින් සිටි.

ජනපති, අගමැති ජාතිය අමතා කොතරම් කිඹුල් කඳුළු හෙලුවත් අද රටට ප්‍රදර්ශනය වන යතාර්ථය නම් සේනාධිනායකයා වන ජනපති සිරිසේනත්, දූෂිත අගමැති මහින්දත්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි රවීන්ද්‍ර විජේගුණරත්නත් එක්ව ආරක්ෂක අංශ ද අප කිර්තියට ලක්කරමින් රාජ්‍ය ත්‍රස්ථවාදය ව්‍යප්ත කරන ආකාරයයි.

සිරිසේන ජනපති මහින්ද රාජපක්ෂ රෙජිමය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන, රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරිම අත්තොනොමතික ක්‍රියාවක් බව පෙන්විමටත් සහ කිසිදා යළි රනිල් අගමැති නොකරන බවට කරන ප්‍රකාශයට හේතුව පහැදිළි වන තවත් හොඳ සාක්ෂියක් මේ අසමජ්ජාති ක්‍රියාවෙන් ද පැහැදිළි වන බව අපගේ නිගමනයයි.